leader s

රටේ සෞඛ්‍ය සේවාව සදහා රජය වැය කරන මුදලින් හරි අඩක්වත් නිසි අරමුණු කරා ලගා නොවන බව සුව සේවක සංගමයක් පෙන්වා දී තිබේ.


එයට ප්‍රධාන හේතුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හෝ සෞඛ්‍ය සේවාවේ වරදක් නොව සෞඛ්‍ය කළමනාකරණයේ සහ දේශපාලන නායකත්වයේ වරදක් බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.

"සෞඛ්‍ය සේවාව සදහා රජය යෙදවුම් සීයක් යොදවනවානම් ඒ සීයෙන් පනහක්වත් සෞඛ්‍ය සේවාවේ අරමුණු කරා ලගා වෙන්නේ නෑ "

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ඒ බව සදහන් කළේ අගෝස්තු 1 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

වෘත්තියවේදියා එහිදී රජයට අවධාරණය කර සිටියේ සෞඛ්‍ය සේවාවට සිදු කරන අඩන්තේට්ටම් වහාම  නතර කතරන ලෙසයි.

"සෞඛ්‍ය සේවාව විකුණනවාද නැද්ද, පාඩුද, ලාබද, සෙනග වැඩිද, මදිද කියන කාරනාව නෙමෙයි දේශපාලකයෝ විදිහට, රජය විදිහට සෞඛ්‍ය සේවාව වගේ සේවාවන්ට කරන අඩන්තේට්ටම් නවත්තන්න. තමන්ගේ දේශපාලන හිතවත්කම් වලට මේකට මිනිස්සු ඇතුල් කරන එක නවත්තන්න. තමන්ගේ උවමනාවන්ට උසස් වීම් කරන එකනවත්තන්න.තමන්ට අවශ්‍ය අවශ්‍ය කෙනා සෞඛ්‍ය ලේකම් කරන එක නවත්තන්න."

දේශපාලන හිතවත්කම් මත සෞඛ්‍ය සේවාවට පුද්ගලයන්  ඇතුල් කිරීම නවතා සෞඛ්‍ය සේවාවට ක්‍රමවේදයක් ලබාදුන්නොත් සෞඛ්‍ය සේවාවට දරන වියදමින් සියයට පනහක් ඉතුරු කර ගත හැකි බවයි රවී කුමුදේශ් වෘත්තිය සමිති නායකයා එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

ඔහු එහිදී තව දුරටත් සදහන් කළේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ( SPC) ශ්‍රී ලංකාව තුළ ඹෟෂධ 200 ක් පමණ නිශ්පාදනය කලද රජය අද වන විටත් එම ඖෂධ 200 ම තරගකාරී මිලට, වැඩි මිලට ඉන්දියාවෙන් ගෙන්වන බවයි.

ඒ සම්බන්ධයෙන් රවී කුමුදේශ් කරන පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් නරඹන්න, 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්