උතුරු නැගෙනහිර ජනතාවගේ යුක්තිය හා අයිතිවාසිකම් වෙනුවෙන් වාර්තාකරණයේ යෙදෙන දෙමළ මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ද, බහුජන ක්‍රියාධාරීන්ද හිරිහැරයට පත්වන ආකාරයට රජයේ  ආරක්ෂක
අංශ විසින් සිදුකරන  ලුහුබැඳ යෑම රනිල් වික්‍රමසිංහ පාලනය යටතේත් සිදුවෙමින් පවති.

එම ලුහුබැඳීම දැඩි කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා කිසිදු ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව විදේශ අමාත්‍යවරයා ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය සඳහා විදේශ ගතවීමට පෙර ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙන අවස්ථාවකය.

මේ සතිය තුලදී පමණක් නැගෙනහිර මාධ්‍යවේදියකු හා සිවිල් සමාජ ක්‍රියාධරයකු නැවත වතාවක් කොළඹ  ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට (CTID) කැඳවා තිබේ. ඒ විමර්ශනයට අදාළ කිසිදු හේතුවක් හෙළි නොකරමිනි.

මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජ සංසදයේ සභාපති සබාරත්නම් සිවයෝගනාදන්ට සැප්තැම්බර් 9 වැනිදාටත් මඩකළපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් එස් නිලාන්දන්ට සැප්තැම්බර් 14 වැනි දින දහවල් 12 ටත් ඒ සඳහා යන්නට සිදුවී ඇත.


jds sin
jds s23

එම කැදවීම සම්බන්ධයෙන් දැනුම් දීම සදහා මාධ්‍යවේදී නිලාන්දන්ගේ චෙන්කලඩි පිහිටි  නිවසට සැප්තැම්බර් 3 වැනිදා   ගිය මඩකලපුව  පොලිස් නිලධාරීන්  මාධ්‍යවේදියාගේ බිරිද ඇතුළු පවුලේ අයගේ ජාතික හැදුනුම්පත් අංක සහ නම් සටහන් කරගෙන ඇති බව  පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

පිල්ලෙයාන් නමින් ප්‍රකට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු කණ්ඩායමක් දිගින් දිගටම තර්ජන එල්ල කිරීම නිසා මඩකලපු දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලාන්දන් සහ භාණ්ඩාගාරික පුන්‍යමුර්ති සසිකරන් දෙදෙනාට ම පලාතෙන් පිටව  යාමට සිදුවී ඇති බව මැයි 5 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් ආරක්ෂක අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.



පැය තුනක ප්‍රශ්න කිරීමක්  



2009 මැයි මාසයේදී අළු දූලි කර අවසන් කළ බවට ආණ්ඩුව විසින් ප්‍රකාශ කරන ලද මේ වන විට අක්‍රීයව පවතින LTTE ය සමග සම්බන්ධතා පවත්වන බවට වන චෝදනා මත මඩකලපු දිස්ත්‍රික් දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සෙල්වකුමාර් නිලාන්දන්ගෙන් පසුගිය වසරේ ජුලි මාසයේදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) ප්‍රශ්න කර තිබුනි.

ඔහු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය කැඳවා, එල්ටීටීඊයේ දේශපාලන අංශයේ හිටපු ප්‍රධානී දයාමෝහන් සමඟ මොනයම් හෝ සම්බන්ධයක් පැවැතුනිද  යන්නත් බැටී නාදම් සහ මීනගම් වෙබ් අඩවි පවත්වාගෙන යාමට මැදහත් වී ඇත්තේද යන්නත් දිගින් දිගටම ප්‍රශ්න කර ඇත.

පැය තුනකට අධික කාලයක් තිස්සේ මහත් වෙහෙසකර වූ ප්‍රශ්න කිරීමකට පසු මාධ්‍යවේදියාගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඒවායෙහි මුරපදත් බැංකු ගිනුම් ගැනත් CTID  වැඩි දුරටත් විමසා තිබුනි.



“ඔබ එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක් වෙලා හිටියාද? ඔබේ කිසියම් වු  ඥාතියෙක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වෙලා හිටියාද? ඔබ එල්ටීටීඊයට උදව් කර තිබෙනවාද ? ඔබට ඔවුන් සමඟ සම්බන්ධතා තිබුණාද? ” ආදී ලෙසින් ඉදිරිපත් කරන ලද පදනම් විරහිත ප්‍රශ්නාවලියක් ඔහුට යොමු කර තිබේ.

සෙල්වකුමාර් නිලාන්දන් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන්නේදැයි ප්‍රශ්න කර ඇති ඔවුන් එය එසේනම් එහි අරමුදල් ලැබෙන ආකාරය සහ ඔහුගේ ජනමාධ්‍යවේදී ක්‍රියාකාරකම්  පිළිබඳ විස්තරද දිගින් දිගටම ප්‍රශ්න කර ඇත.

තමන්ට පොලිසින් සිදුකරන හිරිහැර පිළිබඳව මාධ්‍යවේදී නිලාන්දන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

මාධ්‍යවේදී නිලාන්දන්ට හිරිහැර කිරීම නතර කරන ලෙස නිව්යෝර්ක් නගරය මුලස්ථාන කොට ගත්  මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන කමිටුව (CPJ) ලංකාණ්ඩුවේ බලධාරීන්ගෙන් එවක  ඉල්ලා තිබුනි.

“ශ්‍රී ලාංකික මාධ්‍යවේදී සෙල්වකුමාර් නිලාන්දන් ගෙන් ප්‍රශ්න කරමින් ඔහුගේ සමාජ මාධ්‍ය සහ බැංකු ගිණුම්වලට ප්‍රවේශවීමට බල කිරීම මගින් දෙමළ මාධ්‍යවේදීන් ට කරනු ලබන හිරිහැරවල රටාව වහාම අත්හිටුවිය යුතුය,” යි CPJ ආසියා වැඩසටහන් සම්බන්ධීකාරක ස්ටීවන් බට්ලර් මාද්ධ්ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. “නිලාන්දන් බියවැද්දීම නවතා දමා බලධාරීන් ඔහු සහ අනිකුත් දෙමළ මාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තා කිරීමට ඉඩ සැලසිය යුතුය.”
 
Sabaratnam Sivayognathan

මීට අවුරුද්දකට ඉහතදී CTID විසින් කැඳවනු ලැබූ අවස්ථාවේ සබාරත්නම් සිවයෝගනාදන්ගෙන් පොලිසිය දැඩි ලෙස ප්‍රශ්න කර තිබුනේ ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබෙන සංවිධානයක් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වන වට්ස් ඇප් සංවාද කණ්ඩායමක මෙහෙයුම්කරු වන්නේ ඔහුද යන්නයි.


එවන් සංවාද කණ්ඩායමකට තමන් ඇතුලත් කරනු ලැබුවේ කවුරුන් විසින්දැයි නොදන්නා නමුත් එම වට්ස් ඇප් සංවාද කණ්ඩායමේ හුවමාරු වන තොරතුරු දැකීමෙන් පසු තමා ඉන් බවත් වු බවයි සභාරත්නම් සිවයෝගනාදන් පොලීසියට පවසා ඇත්තේ.

පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කළ ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය සිවයෝගනාදන්ගේ ජංගම දුරකතනය සහ මුහුණු පොත දැඩි පරීක්ෂාවකට ලක් කර තමන්ගේ පෞද්ගලික තොරතුරුද ලබා ගත් බව ඔහු වැඩි දුරටත් පවසයි.

ඔහු උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව පැවති දීර්ඝතම පාද යාත්‍රාව පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ P2P සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් අයෙකි.



සැප්තැම්බර් 12 සිට ඔක්තෝබර් 7 දක්වා පැවැත්වෙන එජා මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය විසින් සම්පාදනය කරන ලද විශේෂ වාර්තාවක් විවාදයට ගැනීමට නියමිතය. 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්