leader s

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


දියත උයන අසලදී අද පැවති විරෝධතාවයකින් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ පොල්දූව හංදිය ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේවනවිට ඇයව මෝදර පොලිසියේ රඳවා ගෙන සිටිනබව වාර්තාවේ.

පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීමත්, එසේම, පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මකව බලපෑම් කිරීම හා ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමත් සම්බන්ධයෙන් ද ඇය වෙත චෝදනා එල්ලකර ඇත.

Damitha JDs S 07

Damitha 2022

මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති TID යට




මේ අතර මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති බාලසිංහම් ක්‍රිෂ්ණකුමාර්ව සැප්තැම්බර් 14 දින කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ මූලස්ථානය වෙත කැඳවනු ලැබ තිබේ.

ඔහු මාධ්‍ය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමුඛ ක්‍රියාධරයෙකි.

JB Bala 09
අගෝස්තු 20 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගාල්ලේදි අත්අඩංගුවට ගත් තරුණ ක්‍රියාකාරිකයෙකු වන සහජ මධුශංක දින 19ක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටීමෙන් පසු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මීළඟ නඩු වාරය සැප්තැම්බර් 21 වැනිදාට නියම කෙරුණි.

Sahaja 2922

 

දියත උයන අසල අද පැවති විරෝධතාවයේදී දමිතා පළකළ අදහස්

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්