leader s

සර්වපාක්ෂික රජයක් පිහිටුවන බවට පසුගිය දිනවල පැවති කතාබහ මධ්‍යයේ අද (08) ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිව්රුම් දෙන ලදී.

එහිදී එක් රාජපක්ෂවරයකුද මෙවර එම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට ඇතුලත් වීම විශේෂයකි.

එසේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් අතරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකු, රාජපක්ෂ පවුලේ සාමාජිකයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, මඩකලපුව දිස්ත්‍රික්කයට තේරි පත්වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සමගි ජන බලවේගයෙන් ඉවත්වූ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරුන් අයත් වෙයි.

මේ අතර, බලයෙන් පහකෙරුණු ජනපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීමට හැකිවීම සඳහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි වෛද්‍ය සීතා අරඹේපොළ ඉල්ලා අස්වන බවට පසුගිය දා මාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් සීතා අරඹේපොළ ද අද රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙනු ලැබීය.

මෙම රාජ්‍ය අමාත්‍යධුර අතරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙකු, රාජ්‍ය මුදල් අමාත්‍යවරුන් දෙදෙනෙකු, රාජ්‍ය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර ඇත.

 
අද දිනයේ දිව්රුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වේ.


 

New m 2022

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්