leader s

ආණ්ඩුව සිදු කරන මර්දනයට සහ දැරිය නොහැකි භාණ්ඩ මිලට විරෝධය දැක්වීම සඳහා මීගමුව අරගල කමිටුවේ සාමාජිකයින් පිරිසක් ඊයේ (සැප්.15) මීගමුව මහ නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

ඔවුන් විරෝධතාවයේ නිරත වූයේ, “රනිල් - රාජපක්ෂ ජනතා ද්‍රෝහී හවුල පරදවමු” ආදී සටන් පාට සඳහන් විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කරමිනි.

මැති ඇමතිවරුන් පත් කිරීම මීට පෙර පැවති ආකාරයකට ම සිදු වන බවත්, ඉන් රට තවදුරටත් අගාධයට යමින් සිටින බවත් විරෝධතාකරුවෝ පැවසුහ.


 ජීවත් වීමට ඇති ප්‍රශ්න හේතුවෙන් ජනතාව වීදි බැසීම වැළැක්වීමට ආණ්ඩුව අරගලයේ නායකයින් තෝරා දඬුවම් කරමින් සිටින බව ප්‍රකට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මෙහිදී පැවසිය.

ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.


''හැම තැන ම මේ බඩු මිලට සහ විශේෂයෙන් මර්දනයට විරුද්ධව අපි හඬ නැගිය යුතු යි. අපේ දරුවන්ගේ මන්ද පෝෂණය, ඒ සියලු දේ ජය ගන්න නම් අපි මේ ආණ්ඩුව පළවා හැරිය යුතුයි.

ඒ විතරක් නෙවෙයි. රනිල් ම කියපු දේවල් 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී අද එයා ඊට විරුද්ධව පෙනී ඉන්නවා අලි සබ්‍රි හරහා. ඉතින් මේවා තමයි ඉතිහාසයේ විහිළුව. තමුන් කියන දේ වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේවත් පෙනී ඉන්නේ නැති අය ලංකාවේ කොහොම හැසිරෙයි ද කියලා අපිට හිතා ගන්න පුළුවන්.

ජනපති තුමනි ඔබව ඔය තැනටත් ගෙනාවේ අරගලය යි. අරගලයේ පිනට පහළ වෙලා අරගලය රාජ්‍ය ත්‍රස්තවාදයේ මර්දනයෙන් යටපත් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවා නම්, ඔබට වැරදිලා. අරගලය දිගින් දිගට ම ඉදිරියට යනවා.

ගෝඨා ගියා, රනිල් ආවා ප්‍රශ්න ටික එහෙමම යි. ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන තුරු අරගලය ඉදිරියට යනවා.“

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්