leader s


ආසාදිත අපද්‍රව්‍ය රෝහල්වලින් බැහැර කිරීම මේ වන විට නිසි පරිදි සිදු නොවීම නිසා මාරාන්තික රෝග පැතිර යෑමේ අවදානමක් ගැන දිවයිනේ ප්‍රමුඛතම සුව සේවක සංගමයක් අනතුරු අගවා තිබේ.


"ආසාදිත අපද්‍රව්‍ය ගොඩ ගසා ගැනීම සහ එම අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා, පරපෝෂිත ආසාදනය, පෙනහළු ආසාදනය, බැක්ටීරියා මෙනින්ජයිටිස්, එච්අයිවී, හෙපටයිටිස් බී, හෙපටයිටිස් සී, දිලීර ආසාදන සහ බැක්ටීරියා (රුධිර ප්‍රවාහයේ බැක්ටීරියා) වැනි රෝග තත්වයන් ඇතිවිය හැකි අතර, අනවශ්‍ය ගැටළු රැසකට මුහුණ දීමට සිදු විය හැක. "

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙන්නේ රෝගීන්ගේ අසාදිත අපද්‍රව්‍ය ඉවත් කිරීම පෞද්ගලික අංශයේ සමාගමකට පවරා ඇති අතර, ආසාදිත අපද්‍රව්‍ය කිලෝවක් ඉවත් කිරීම සදහා ගෙවනු ලබන්නේ රුපියල් සියයක පමණ ප්‍රමාණවත් නොවන මුදලක් බවයි.



"මෙම මුදල තීරණය කර ඇත්‍තේ 2017 වර්ෂයේ වන අතර, එවකට ඩීසල් ලීටරයක් රුපියල් 85ක පමණ මුදලකට ලබා ගත හැකිව තිබුණි. විදුලිය ජලය ආදී සියළු යෙදවුම් මිල වැඩිවී ඇති බැවින්, එකගවූ මිල වැඩිකර දෙන ලෙස අදාල සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇත."ravikumudesh 2022


අපද්‍රව්‍ය බැහැරකිරීමට අවශ්‍ය ඩීසල් සැපයුමද විදිමත්ව නොලැබී යෑම සහ සමාගමට ගෙවීමට ඇති හිග මුදල හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගණනාවක ආසාදිත අපද්‍රවය ගොඩ ගැසෙන තත්වයකට පත්ව ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් වැඩි දුරටත් පවසන්නේ.

මේ තත්වයට මෙතෙක් විසදුමක් ලබා නොදීම හා අපද්‍රව්‍ය බැහර කිරීම සම්පූර්ණයෙන්ම පෞද්ගලිකකරණය කර ඇති තත්වයක් හමුවේ, රෝහල් මට්ටමින් එම අපද්‍රව්‍ය ගොඩ ගසා ගැනීම හැරුණුකොට, වෙනත් කිසිදු විකල්ප ක්‍රමවේදයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව වෘත්තියවේදියා වැඩි දුරටත් සදහන් කරයි.

 
 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්