leader s

පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බවට මෙතෙක් දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු වූ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.


'නෙත් නිවුස්' කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසූවේ එලෙස මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නොමැති බවයි      



තමන් ඇතුලු මන්ත්‍රීවරුන් හයදෙනා ආණ්ඩුවට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට බව අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සදහන් කළේය.  


ආණ්ඩුවේ අමාත්‍යධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කළ බව එම පක්ෂය ඊයේ නිවේදනය කළේය. එම මන්ත්‍රීවරුන් හයදෙනා මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව යමින් කටයුතු කිරීම ඊට හේතුව බව එම නිවේදනයේ සඳහන් විය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ පක්ෂයේ මෙතෙක් දැරූ සියලුම තනතුරුවලින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක ඉවත් කළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

WhatsApp Image 2022 09 22 at 7.53.42 AM


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්