දෙවෙනි ජනතා නැගිටීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ නායකත්යෙන් සහ මෙහෙයවීමෙන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පැවසීය.


පසුගිය කාලයේ මුළු සමාජයම පීඩාවට පත්ව සිටියදී ලක්ෂ ගණන් ජනතාව පාරට ඇවිත් අරගල කළත් අවසානයේ සම්පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.

ජවිපෙ නායකයා මේ බව පැවසූවේ ජාතික ජන බලවේගයේ අකුරැස්ස ආසන සමුළුව ඊයේ (25) අමතමිණි.

අපේ ජීවිත කාලය තුළ දකින්නට ලැබුණ විශාලම ජනතා නැගිටීම සිදුකරනු ලැබූවේ ගෝටාබය රාජපක්ෂ නම් සුදු වෑන් කල්ලි මෙහෙයවූ මර්දනකාරී නායකයා විධායක ජනාධිපති ලෙස සේනාධිනායක ධුරය දරන ලද කාලයේදී සහ පාර්ලිමේන්තුවේ තුන්නේ දෙකේ බලයක් සහිත ඇමති මණ්ඩලයක්ද පිහිටුවා තිබියදී බව ඔහු පැවසීය.


මෙයින් තහවුරු වූයේ බලය තිබෙන්නේ ජනාධිපති ධුරයේ හෝ හමුදාව හෝ පොලීසියේ නොවන බවත් බලය ඇත්තේ ජනතාව ලඟ බව එම නැගිටීමෙන් ඔප්පු කළේ යැයි ජවිපෙ නායකයා සඳහන් කළේය.


නමුත් එයින් ලබාගත නොහැකි වූ සම්පූර්ණ ජයග්‍රහණය හමුවේ බොහෝ දෙනෙක් අපේක්ෂා භංගත්වයට පත්ව සිටියත් විසිරී තිබෙන ජන බලය සංවිධානාත්මකව ඒකරාෂී කරමින් දෙවෙනි නැගිටීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය සහ මෙහෙයවීමෙන් යැයි ඔහු අවධාරණය කරනු ලැබීය.

එය ජයග්‍රහණයෙන් කෙලවර කරන බවත් බොහෝ දෙනා කලබල වී සිටයද ජාතික ජන බලවේගය කලබන නොවන බවත් හුදකලා අරගලවලින් ජයග්‍රහණ ලබා ගත නොහැකි බැවින් සංවිධානගත වී එම අවසන් ජයග්‍රහණය ලබා ගන්නා බවත් ඒ වෙනුවෙන් අකුරැස්ස මැතිවරණ කොට්ඨාසයෙන් විශාල බලයක් ලබා දිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්