leader s

සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දිනපතා විශේෂාංග පුවත් හා කාලින මතවාද ප්‍රකාශයට පත්කරනු ලබන 'ද ලීඩර්' හි කළමනාකාරිත්වයේ හා සංස්කරණ මණ්ඩලයේ සංශෝධනයක් අද (27) දිනසිට සිදුකර ඇත.

ඒ අනුව අද දින සිට 'ද ලීඩර්' (theleader.lk) සිංහල මාධ්‍ය වෙබ් අඩවියේ සංස්කාරකවරිය ලෙස තුෂාරා සෙව්වන්දි විතාරණ සහ විශේෂාංග කතුවරිය ලෙස අභිෂේකා වාසලබණ්ඩාර ද කටයුතු කරයි.


දමිළ මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන තමිල් ලීඩර් (tamilleader.lk) වෙබ් අඩවියේ සංස්කාරකවරිය ලෙස නිරුෂා කනගසබේ කටයුතු කරනු ඇත.


ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන 'ලංකා ලීඩර් (lankaleader.lk) වෙබ් අඩවියේ සංස්කාරකවරිය ලෙස පුර්ණිමා මුහන්දිරම් ද කටයුතු කරයි.

Thushara 2022
'ලීඩර්' මාධ්‍ය ජාලය පවත්වාගෙන යනු ලබන 'ද ලීඩර්' පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පුර්ණිමා මුහන්දිරම් කටයුතු කරයි.

'ද ලීඩර්' නව කළමනාකාරිත්වය යටතේ ඉදිරියේදී තවත් සමාජ මාධ්‍ය ප්‍රකාශන කිහිපයක්ම නව ආකෘතියකින් යුතුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.  

'ද ලීඩර්' මෙතෙක් පවත්වාගෙන ගිය ප්‍රතිපත්ති රාමුව තුල ඉදිරියටද කටයුතු කරන බව ප්‍රධාන සංස්කාරක තුෂාරා සෙව්වන්දි විතාරණ අවධාරණය කර සිටියි.


The Leader TV


The Leader TV යු ටියුබ් නාලිකාව Web Cast Ceylon (Pvt.Ltd) සමාගම යටතේ පවත්වාගෙන යනු ලබන අතර සිරිමලී ලියනගම එහි ප්‍රකාශිකාව වේ. 
 
එසේම එම සමාගම විසින් ප්‍රකාශයට පත්කරනු ලබන 'ලේඩි ලීඩර්'  (ladyleader.lk) වෙබ් අඩවියේ සංස්කාරකවරිය ද වන්නේ සිරිමලී ලියනගමයි. 
 
 

සල්ලිවලට නිවුස් දාන්නෙ නැති

සල්ලි අරන් නිවුස් ගලවන්නෙ නැති

ඔප්පු කරන්න බැරි දේවල් කියන්නෙ නැති

පිළිතුරු දීමේ අයිතිය අහුරන්නෙ නැති

පුහු විරෝධ දක්වන්නෙ නැති

රහ කුණු විකුණන්නෙ නැති

කාගෙවත් ඕඩර් ගන්නෙ නැති

කාටවත් ඕඩර් දෙන්නෙත් නැති

නිදහස උල්ලංඝණය කරන්නෙ නැති

අදහස අවතක්සේරු කරන්නෙත් නැති

අන්තවාදී නැති

ජාතිවාදී නැති

වෙනස් කියල පෙන්නන්න නිවුස් කරන්නෙත් නැති

නිවුස් වෙනස් කරන්නෙ නැති

අදහසේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ වෙබ් නිවුස් ලීඩර්

ඇත්තටම “ද ලීඩර්”.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්