හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගේ ප්‍රධානත්වයෙන් යුතුව ගොඩනගා ඇති 'අපි ශ්‍රී ලංකා' ව්‍යාපාරයේ ජාතික සමුළුව අද (05) පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී

පැවැත්වීමට කටයුතු යොදා ඇත.

'පොහොට්ටු' පක්ෂයේ ග්‍රහණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීම සඳහා ගොඩනගා ඇති මෙම ජනතා ව්‍යාපාරයට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රීලනිප ආසන සංවිධායකයින් අති බහුතරයක් ගොනුව තිබේ. 

මෙවර ජනාධිපතිවරණයේ දී 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දැක්වීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ප්‍රමුඛ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවට එම පක්ෂයේ ආසන සංවිධායකයින් අති බහුතරයකගේ විරෝධය එල්ලවී ඇති අතර පක්ෂය බේරා ගැනීමට ඉදිරිපත්වන්නැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගෙන් මෙන්ම කුමාර වෙල්ගම ගෙන් ඔවුන් පසුගිය සති කිහිපයෙහි දිගින් දිගටම ඉල්ලීම් කර තිබිණ.

විදේශගතව සිටි හිටපු ජනාධිපතිනිය යළි දිවයිනට පැමිණියේ ඔවුන්ගේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි. එසේ දිවයිනට පැමිණි මොහොතේ සිට ශ්‍රීලනිප ආසන සංවිධායකයින් මෙන්ම ක්‍රියාකාරීන් කැඳවමින් ඇය 'අපි ශ්‍රී ලංකා' ව්‍යාපාරය ගොඩනැගීමට මැදිහත්ව තිබිණ.

big 302476 1387827334ශ්‍රීලනිපය බේරා ගැනීම :චන්ද්‍රිකාගේ තෙවැනි මැදිහත්වීම 

තම පියා විසින් ගොඩනගා තම මෑණියන් විසින් පෝෂණය කර රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රාජපක්ෂවරුන් විසින් දියකර හැරීමේ කුමන්ත්‍රණයට එරෙහිව හිටපු ජනාධිපතිනිය පෙරමුණ ගැනීම සාධාරණිකරණය කරමින් ශ්‍රීලනිප සංවිධායකවරයකු ''චන්ද්‍රිකා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට මොනවද කළේ?'' යන ශීර්ෂයෙන් යුතුව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළකර ඇත.

''1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය පෙරලා දැමීමට 1994 දී පෙරමුණ ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, පක්ෂයේ බලය රාජපක්ෂ පවුල විසින් ඩැහැ ගත් විට ද මෛත්‍රීපාල සිරිසේන සමග එක්වී 2015 දී පක්ෂය යලි එහි හිමිකරුවන් වෙත ලබාදීමට මැදිහත්වුවාය. රාජපක්ෂවරුන් විසින් ශ්‍රීලනිපය දියකර හැරීමේ කුමන්ත්‍රණයට එරෙහිව ඇය මෙවර සටනට එක්ව තිබේ.''
එම සටහනේ තවදුරටත් මෙසේ සඳහන් වේ.

''මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවෙන් යැපෙන ඇතැම් පිරිස් විසින් වේදිකාවල කෑමොර දෙන්නේ චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවද කළේ යනුවෙනි.එමනිසා ඇය පක්ෂයට කරපු දේවල් පිළිබඳව කෙටියෙන් හෝ යමක් පැවසිය යුතුය.

1.1977 අන්ත පරාජයට පත්වූ පක්ෂයට මුලින් ම ජීවී හුස්ම පොවන්නේ චන්ද්‍රිකා ය. ඒ 'දිනකර' පුවත්පත අරඹා සී සී කඩ විසිර සිටි පාක්ෂිකයා එකට එකතු කිරීමෙනි.

2. මහින්ද, මෛත්‍රීපාල සේනානායක සමග එකතු වී මැතිනිය පක්ෂ නායකත්වයෙන් එළවීමට උත්සාහ ගත් අවස්ථාවේ විජය සමග එකතු වී 'ටකරං සමුළුව' පවත්වා මැතිනියගේ පක්ෂ නායකත්වය තහවුරු කරන්නේ චන්ද්‍රිකා ය.

3. වසර 17ක් තිස්සේ අන්ත පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණයේ හුස්ම පිඹ පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යන්නේ චන්ද්‍රිකා ය. එම ජයග්‍රහණය වසර 25ක් පුරා ජනාධිපති ධුරය පක්ෂය තුළ තබා ගැනීමට තරම් ප්‍රබල විය.

4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද බැංකුව පුළුල් කරන්නේ චන්ද්‍රිකා ය. පක්ෂයට සුළු ජනවාර්ගික කණ්ඩායම් ආකර්ශනය කරන්නට ඇයට හැකි විය.

5.පක්ෂයේ කාඩර් එක සහ ශාඛා සමිති ශක්තිමත් කර ග්‍රාමීය මට්මෙන් පක්ෂයට ශක්තිය සපයන්නේ චන්ද්‍රිකා ය.

6. කෙටියෙන්ම කියතොත් මහින්ද 2005  බලයට පත්වන්නේ ද චන්ද්‍රිකාට පිංසිදු වන්නටය. ඔහු බලය ලබා ගන්නේ චන්ද්‍රිකා වසර 11ක් පුරා සිදුකළ සේවාව නිසාය.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවද කළේ?

ශ්‍රී ලංකා කනිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද කළ දේවල් පිළිබඳව ද අපි අවධානය යොමු කළ යුතු ය. පක්ෂයේ ඉතිහාසය දෙස බැලීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම පිලිබඳව මහින්ද රාජපක්ෂ ඇතුලූ රාජපක්ෂවරුන්ට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබූ බව පෙනේ.

1- 1980 දී මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජේ.ආර්.ගෙන් භෞතික වාසි ලබාගෙන, මැතිණිය පක්ෂයේ සභාපතිත්වයෙන් නෙරපීමට මහා සටනක් දියත් කළ වග අපට අමතක නැත.

2- පළමුවෙන් 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ජේ.ආර්.ට එරෙහිව සටන් කළ අවස්ථාවේදී රාජපක්ෂ රොත්තම කටයුතු කළේ ජේ.ආර් දිනවීමටය.

3- එම මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජේ.ආර් දිනවීම සඳහා රහසේ සියලූ උපක්‍රම සිදු කළ ආකාරයත්, බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ එජාප සාමාජිකත්වය ලබාගෙන ජේ.ආර්. වෙනුවෙන් වේදිකාවල කතා පැවැත්වූ ඉතිහාසය තවමත් මිනිසුන්ට අමතක නැත.

4- මැතිවරණයකදී දිස්ත්‍රීක් නායකයා දිස්ත්‍රීක්කය නියෝජිතයා කිරීම ඕනෑම පක්ෂයක සම්ප්‍රදාය වුවත්, ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට දිස්ත්‍රීක් නායකයෙක් ජනාධිපති අපේක්ෂකයාගේ දිස්ත්‍රීක් නියෝජිතයා වශයෙන් පත් නොකළේ 1982 ජනාධිපතිවරණයේදීය. ඒ, හම්බන්තොට දිස්ත්‍රීක්කයට මහින්ද පත් නොකර ඒ වෙනුවට කොමියුනිට්ස් පක්ෂයේ ඩීව් ගුණසේකර හම්බන්තොට දිස්ත්‍රීක්කයේ කොබ්බෑකඩුවගේ නියෝජිතයා ලෙස පත්කරමිනි.

5- 1994 දී වැටී තිබුණු පක්ෂය ගොඩ ගැනීම සඳහා චන්ද්‍රිකා පක්ෂයට අරගෙන, පක්ෂයේ කටයුතු බාරදීමට මැතිණිය හා පක්ෂයේ පිරිසක් කටයුතු කළ අවස්ථාවේදී චන්ද්‍රිකා සම්බන්ධ කර ගැනීමට විරුද්ධව මහින්ද සටන් කර, ඒ සියලූ උත්සාහයන් අසාර්ථක වූ විට ඔහු ඩලස් අලහප්පෙරුම ලවා චන්ද්‍රිකාට පමණක් නොව, ඇයගේ දරුවන්ට පවා ඉතා පහත් අන්දමින් අපහාස කළේ ය. ඩලස්ගෙන් මේ පිළිබඳව විමසන විට, ඔහුගේ පිළිතුර වූයේ , මම මොනවා කරන්නද? මහින්ද අයියා කියනකොට කරන්න වෙනවා, කියාය.

6- චන්ද්‍රිකා බලයට පත්වූ වට පසුව ඔහු කළ සියලූනොපනත්කම් අමතක කර ඔහුට කැබිනට්ඇමති කමක් පවා ලබා දුන්නාට පසුව හෝ ඔහු පක්ෂයට එරෙහි කුමන්ත්‍රණ නැවැත්වූයේ නැත. 
 2001 ශ්‍රීලනිප යේ මන්ත්‍රීවරු 09 දෙනෙක් එස්.බී.ගේ නායකත්වයෙන් එජාපය ට යවා ආණ්ඩුව කඩා වට්ටන්නේ, එජාපය ලවා චන්ද්‍රිකාට එරෙහිව දෝශභියෝගයක් ගෙනවිත් ඇය පන්නා දමා මහින්දට අගමැතිකම දෙන බවට  රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුවක් නිසයි.

7- ඒ වෙනුවෙන් 2001 මැතිවරණය එජාපය ජයග්‍රහණය කළාට පසු, ශ්‍රී ලංකා  නිහස් පක්ෂ මන්ත්‍රීවරුන් 23 දෙනෙක් සමග  එකතු වී එම දෝශාභියෝගයට සහාය දක්වා චන්ද්‍රිකාව බලයෙන් පහ කිරීමට උත්සාහ කළත්, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 07 දෙනෙක් පමණක් එකඟ වූ නිසා අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය නොමැති වීමෙන් එම වෑයම ව්‍යර්ථ විය.

0127 OSRIEXPATS Sri Lanka Elections full 600 full 600 1200x5508- තත්ත්වය මෙසේ තිබියදී පක්ෂය ගැන සිතා, පක්ෂය දිනවන්නට අවශ්‍ය නිසා චන්ද්‍රිකා, 2004 වසරේ  අග්‍රමාත්‍ය ධුරය ද, 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය ද මහින්දට දුන්නාය. ඔහු ජනාධිපති වූ විගසම පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර,ඉතා අශීක්ෂිත ලෙස චන්ද්‍රිකාගේ උපන් දිනය දවසේ ම ඇය සභාපති ධුරයෙන් පන්නා දමා, සභාපතිකම උදුරා ගත්තේ ය.

9- සභාපතිකම ගත් දිනයේ සිටම පක්ෂය විනාශ කරන කටයුත්ත කළේ බැසිල් රාජපක්ෂ විසිනි. මහින්ද විසින්  ඔහුව පක්ෂයේ ජාතික සංවිධායක තනතුරට පත් කළ අතර පක්ෂයට අලූත් සාමාජිකයින් බඳවා ගැනීම නැවැත්වීමටත්, පක්ෂ ශාඛා ගොඩනැගීම නැවැත්වීමටත් බැසිල් ක්‍රියා කරන ලදි.  

පක්ෂය කඩා වැටෙන නිසා සිරිසේන පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස අලූත් ශාඛා සමිති හදාගෙන ලියාපදිංචි කිරීමට කටයුතු කළ අවස්ථාවේදී මහින්ද, සිරිසේනට පරුෂ වචනයෙන් බැන වැදී එම කටයුතු නවත්වන ලෙස දන්වා සිටියේය. 

ඒ අතරතුර මහින්ද, මේ ශ්‍රේෂ්ඨ පක්ෂයට  රටේ සිටි ප්‍රධාන පෙලේ බුකිකාරයන්, කැසිනෝ කාරයන්, ප්‍රධානම කුඩු වෙළෙන්දන්, කසිප්පු වෙළෙන්දන්, එතනෝල් වෙළෙන්දන් ආදීන් බඳවාගෙන ඔවුන්ට ප්‍රධාන තනතුරු ලබාදුන්නේ ය.  

ඉන්පසු රාජපක්ෂ පවුලේ අය මේ ජාවාරම්කරුවන් සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට ඉතාමත් පහත් අන්දමින් සළකා, ඒ අය පක්ෂය කෙරෙහි කළකිරෙව්වේය.

10- ඒ අයුරින් ප්‍රතිපත්තිමය වශයෙන් අන්ත දූෂිත ව, දුර්වල කළ තිබූ පක්ෂය චන්ද්‍රිකා, මෛත්‍රීපාල සිරිසේන සමග එකතුවී ශක්තිමත් කිරීම සඳහා 2015 ජයග්‍රහණයෙන් පසු ක්‍රියාමාර්ග ආරම්භ කළා ය. මෙය දරා ගැනීමට බැරිවූ රාජපක්ෂලා පොහොට්ටු පක්ෂයක් හදාගෙන, ශ්‍රීලනිපය දෙකඩ කිරීමට කටයුතු කළහ.

11- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි මහින්ද රාජපක්ෂගේ අවසාන ද්‍රෝහී ක්‍රියාව නම් පොහොට්ටු පක්ෂයක් අලුතින්  නිර්මාණය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමට ක්‍රියා කිරීමයි.''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්