leader s

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් නාමල් රාජපක්ෂගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කළේ, අලි සබ්‍රි රහීම් ය.

මෙහිදී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සමාජික මන්ත්‍රීවරුන් විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

සමාජික මන්ත්‍රීවරුන් එහිදී එකඟ වී ඇත්තේ, රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍යය ප්‍රතිපත්ති, අධ්‍යපන ප්‍රතිපත්ති, ධීවර හා ආහාර ප්‍රතිපත්ති, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීමට අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් අනුකමිටුව හමුවට කැඳවීමටයි.

එම අදහස් හා යෝජනා අනුව කෙටි කාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යම කාලීන යෝජනා මාස දෙකක් ඇතුළතත් දීර්ඝ කාලීන යෝජනා මාස 3 ක් අතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට අනුකමිටු සාමාජිකයින් එකඟවී තිබේ.

පොහොට්ටු පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අලුත් පත්වීම සම්බන්ධයෙන් සටහනක් පලකරන ප්‍රවීන දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා මෙසේ සඳහන් කර ඇත.

☝මේ ජනතා ආණ්ඩුවේ අගමැති. ජනතාවට ප්‍රතිපත්ති හදන්නෙ මෙයාගේ ප්‍රධානත්වයෙන්. රනිල්ගෙ ප්‍රතිපත්ති IMF එකට සහ ඇමෙරිකාවට ?


ආර්ථික ස්ථායීකරණ අනුකමිටුවේ සභාපතීත්වය පාඨලී චම්පිකට



මේ අතර ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවේ සභාපතීත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිතරගයෙන් පත්වී තිබේ.

මසක් ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ හඳුන්වා දීම අනුකමිටුවේ අරමුණයි.

ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවේ සභාපතීත්වයට පාඨලි චම්පික රණවක ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යෝජනා කළේ ය. එය ස්ථිර කළේ, නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය. 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්