leader s

රට රවට්ටන තක්කඩි වැකි යොදා රනිල් ජේ.ආර්. මාමාගේ අඩිපාරේ යමින් මැතිවරණ සැලසුම අකුළන මාරාන්තික වැඩකට අත ගසා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර

කුමාර දිසානායක ‘ඉරිදා මව්බිම’ට පවසා ඇත.

මේ අටවාගත් “ආණ්ඩු කල්ලිය” මැතිවරණයට මුහුණ නොදී ඊනියා “ජනමත විචාරණයකට” යාමට සූදානම් බව පවසන ජවිපෙ නායකයා, විවිධ ඇටවීම්වලින් යන ආණ්ඩුවේ මෙවැනි ඊනියා වැඩපිළිවෙළකට කිසිසේත් ම ඉඩ නොදෙන බව ද අවධාරණය කර සිටියි.

“වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති ධූරය සඳහා නොවෙයි පාර්ලිමේන්තුවටවත් තෝරා නොගත්ත අයෙක්. ඔහුගේ මුළු පක්ෂය ම මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ වගේ ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව විසින් පාරට බැහැලා ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිට, අගමැතිට, කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා.

ඒ නිසා මේ ජනාධිපතිට හා ආණ්ඩුවට මේ වන විට ජනවරමක් නැහැ. පාර්ලිමේන්තුවේ විවිධ වරදාන වරප්‍රසාද ලබා දෙමින් එකතු කරගන්න ලද කල්ලියක් අද අපේ රට පාලනය කරන්නේ. ඒ කල්ලිය මැතිවරණයට බයයි. පළාත් පාලන මැතිවරණය දැනටමත් අවුරුද්දකින් කල් දාලා. එම කල් දැමූ පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු 20ට පෙර පැවැත්විය යුතුයි. දැන් මැතිවරණ කොමිසමට එම බලය ලැබී තිබෙනවා. දැන් මේ ආණ්ඩුව අටවගන්නා ලද කල්ලිය එම මැතිවරණයට මුහුණ නොදී ඊනියා ජනමත විචාරණයකට යන්න හදනවා.

මෙහි අරමුණ වන්නේ පළාත් පාලන මන්ත්‍රීවරුන් අඩුකරන මුවාවෙන් දින වකවානුවක් නැතුව ඡන්දය කල් දැමීමයි. රනිල් වික්‍රමසිංහ තමන්ගේ මාමාගේ අඩි පාරේ යමින් මැතිවරණ සැලසුම අකුළන මාරාන්තික ක්‍රීඩාවකට සූදානම් බව පැහැදිලියි. අපි ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය උදුරා ගන්න ඉඩ දෙන්නේ නැහැ. නියමිත පරිදි මැතිවරණය පවත්වා ගැනීම සඳහා සියලු ම ක්‍රියාමාර්ග ගන්නවා. රනිල්ගේ මෙම මාරාන්තික ක්‍රීඩාව අපි පරාජය කරනවා.” යයි ජවිපෙ නායකයා කියා සිටියි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්