22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන විවාදය සංවිධානය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු

පක්ෂ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක නීතිඥ සාගර කාරියවසම් ට පැවරෙනු ඇතැයි වාර්තා වෙයි.


සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට මෙම වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථා විවාදය සංවිධානය භාරව සිටින ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ව්‍යවස්ථා විවාදය පැවැත්වෙන දිනවල පෞද්ගලික විදේශ චාරිකාවක් සඳහා ප්‍රංශය බලා ගොස් සිටින බැවිනි. ඔහු නැවත පැමිණෙන්නේ ව්‍යවස්ථා විවාදය හමාර වූ පසුවය.


නීතිඥ සාගර කාරියවසම් පොහොට්ටුව මහ ලේකම්වරයා වන අතර 22 ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සඳහා කිසිසේත්ම සිය පක්ෂය සහයෝගය නොදෙන බව මේ වන විටත් විවෘතවම ප්‍රකාශ කර තිබේ.


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 20 හා 21 යන දිනවලදී පැවැත්වීමට ඔක්තෝම්බර් 07 දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.


මන්ත්‍රීවරුන්ට කැමති ආකාරයෙන් ඡන්දය දීමේ නිදහස !


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන්ට කැමති ආකාරයෙන් ඡන්දය භාවිතා කිරීමේ නිදහස මන්ත්‍රීවරුන්ට තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.


කෙසේවුවද මෙම සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති නිසා කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන බව ද ඔහු සඳහන් කළේය.


ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඔක්තෝම්බර් 11දා  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයතට පිළිතුරු දෙමිනි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් ඉෂ්ඨ වේ යැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා කීවේය.


එකම පක්‍ෂයේ වුවත් මන්ත්‍රීවරුන් අතර, පරස්පර අදහස් තිබිය හැක බව ද ඇමතිවරයා පැවසීය.


සබැඳි ලිපි :

මන්ත්‍රීවරුන් 22 සංශෝධනයට ඡන්දය දිය යුත්තේ ඇයි ? - (මහාචාර්ය රොහාන් සමරජීව)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්