leader s

චීනය ශ්‍රී ලංකාවේ අධිතාක්ෂණික උපකරණ යෙදවීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර ඇතැයි "ද හින්දු පුවත්පත" වාර්තා කරයි.


චීනයේ මහජන විමුක්ති හමුදා (පීඑල්ඒ) පුහුණුව ලැබූ චීන ජාතිකයින් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් රැඳී සිටීම සම්බන්ධයෙන් තමිල්නාඩුව බරපතල ආරක්ෂක ගැටළු මතු කර තිබෙන බව "ද හින්දු පුවත්පත" වාර්තාකර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන ජාතිකයන්ගේ ක්‍රියාකාරකම් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් ඒ හේතුවෙන් වෙරළ තීරයේ දැඩි සෝදිසියෙන් සිටින ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශය දින කිහිපයකට පෙර ආරක්ෂක උපදේශනයක් නිකුත් කළ බව "ද හින්දු පුවත්පත" පවසයි.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ චීන ජාතිකයන් ස්ථානගත කිරීම සහ අධි තාක්‍ෂණික උපකරණ යෙදවීම හේතුවෙන් නිරන්තර සෝදිසියෙන් සිටින ලෙස තමිල්නාඩු ප්‍රාන්තයේ වෙරළබඩ දිස්ත්‍රික්ක වලට උපදේශන යවා ඇතැයි තමිල්නාඩු ප්‍රාන්තය ප්‍රකාශ කළ බව "ද හින්දු පුවත්පත" සඳහන් කරයි.

මුහුදු කූඩැල්ලලන් වගාවට මුවාවී අති නවීන සංකීරණ උපකරණ චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකාවේ යොදවා ඇතැයි අනතුරු ඇඟවීමේ සඳහන් වන බව "ද හින්දු පුවත්පත" වැඩිදුරටත් වාර්තාකර ඇත.

lankadeepa.lk)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්