2010-2015 කාලවකවානුව තුළ රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වංචා - දූෂණය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කඳවුරේ ප්‍රධානීන්ට අභියෝග කර සිටියි.
ඔහු එම අභියෝගය කලේ අම්බලන්ගොඩ පැවති ජනරැළියක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
''අම්බංලගොඩ පුරවරයේ මීටියාගොඩ සියලු ජනතාව ඉදිරිපිට මම කියනවා මම ලැහැස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කතාකරන්න. මොකද මම නිර්දෝෂී වෙන්න ඕනේ. දැන් මේ හැමදෙනාම කියන්නේ මමයි හොරා කියලානේ නේද? එහෙමනේකියන්නේ. මම නිර්දෝෂී වෙන්න එක විදිහක් තමයි රෝහිත අබේගුණවර්ධන මැතිතුමනි එන්න තමුන්නාන්සේ චන්ඩියානේ පොහොට්ටුවේ.
තමුන්නාන්සේ ඇවිල්ල බලපිටිය අම්බලංගොඩ ඔක්කොම චන්ඩිකම් කරලා යනවනේ. මම ඔබතුමාට ඔය චන්ඩිකම්වලට උත්තර දෙන්නම්, නොවැම්බර් 17 වෙනකොට අම්බලංගොඩ බලපිටිය අපි විශිෂ්ට ජයගහණයක් ලබනවා.
එක්සත් ජාතික පාක්ෂිකයන්ට, ඒක්සත් ජාතික පක්ෂයට මේ විජයග්‍රහණය ලබා දෙන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහෝදරයෝ. එතුමාලා සියලු දෙනා අද අපිත් එක්ක ඒකරාශීවෙලා ඉන්නවා.
අවසාන වශයෙන් දැන් ඇත්ත කියන සිරස විතරයි අපට තියෙන්නේ. මම ඉස්සර සිරසටත් බැන්නා දැන් මම ඒකටත් සමාව ඉල්ලනවා, සිරසගෙන් සමාව අයැද සිටිනවා. දැන් හැමෝගෙන්ම සමාව ගන්නවා මොනවා කොරන්නද? සිරස නාලිකාවට අපේ සුරංග මහත්මයාට, චන්දන සූරියබණ්ඩාර මහත්මයාට මම ඉල්ලීමක් කරනවා මැදිහත් වෙන්න මැදිහත් වෙලා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා, කාන්චන විජේසේකර මන්ත්‍රිතුමා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඕනම පුද්ගලයෙක්, අර සජිත් ඇමතිතුමා කියනවා වගේ මල්ලිට බැරිනම් අයියට බැරිනම් පවුල පිටින් හරි කමක් නැහැ සියලු දෙනාම එන්න මාත් එක්ක මම තනියම එන්නම් අපේ විෂය තමයි 2010 ඉඳන් 2015 වෙනකන් දූෂණය ගැන කතාකරමු.
හැබැයි මේක වෙන්න ඕනේ 13 වෙනිදට ඉස්සෙල්ලා අපි එතකොට බලමු කලිසම ඇඳඟෙන යන්නේ කවුද කලිසම නැතුව යන්නේ කවුද කියලා. මම එක ගොනුවක් ගේන්නේ නැහැ. එක කොලයක් ගේන්නේ නැහැ. බය වෙන්න එපා. ඒවටත් බයයිනේ, අම්මේ මේ යකා මොනවා ගෙනෙයිද දන්නේ නැහැ කියලා, අත්දෙක වන වන එන්නේ, හැබැයි දන්න සියලු දේම කියනවා.
බය නැත්නම් බාරගන්න බාරගෙන ඇවිල්ලා මේ ජනතාව ඉස්සරහ තමන් නියෝජනය කරන ඒ පවුල පිරිසිඳුයි කියලා ජනතාවට ඔප්පු කරන්න මම තනියම තමුන්නාන්සේලා එක්ක ඇවිල්ලා අභියෝග කරනවා.''