දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශයට පත් කරන බව ඉල්ලා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන සහ පුද්ගලයන් 6 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් සඳහා මූලික පදනම වී තිබෙන්නේ යෝජිත බදු සංශෝධත තුළින් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන්නේ නම් ආදායම් බදු ගෙවීමේ යෝජිත ප්‍රතිපාදනයන් ය.

මේ වනවිට රුපියල් 2,50,000කට වැඩි ආදායම් උපයන්නන් ආදායම් බදුවලට යටත් කර තිබේ. එහෙත් එය රුපියල් ලක්ෂය දක්වා අඩු කිරීමට රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති යෝජනා කර ඇති අතර එයට අදාළ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 21 වෙනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කරනු ලැබීය.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව ප්‍රකාශයට පත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය මෙන්ම පුරවැසියන් සිව් දෙනෙකු අදාළ පෙත්සම් නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කර තිබේ.


වෛද්‍යවරුන්ට ගැටලුවක් !


යෝජිත බදු සංශෝධන හරහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් ගැටලු රැසකට මුහුණපා ඇති බැවින් රජය විසින් නැවත එය ආපසු හරවා ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කොළඹ ඊයේ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එබව සඳහන් කළේය.


සබැඳි පුවත් :
ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

ආදායම් බදු ගෙවීම වැසියාට දඬුවමක් නොවීමට නම්...- (ගාමිණී වියන්ගොඩ)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්