The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (14) : රිෂාඩ් ගේ ලෙඩේ

T

The Leader Desk

May 11, 2023 • 8:30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (14) : රිෂාඩ් ගේ ලෙඩේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෝවෙන ලෙඩ වගේම බෝ නොවන ලෙඩත් තිබේ.
  • ක්ලයන්ට් කෙනෙක් හමුවීමට පැමිණිය හොත් ඇඟට පණ නැති ස්වභාවයක් ඇතිවේ.
  • ක්ලාන්තය වැනි ස්වභාවයක් ද ඇතැම් විට හට ගනී.
  • රිෂාඩ්ට කළ යුතු වෛද්‍ය පරීක්ෂණ එහිදී කෙරුණි.
අකුරු ප්‍රමාණය (Font Size):



බෝවෙන ලෙඩ වගේම බෝ නොවන ලෙඩත් තිබේ.

සමහරුන්ට පිනි බෑවොත් පීනස ඇවිස්සේ.

තව සමහරුන්ට අන්නාසි කෑ විට ඇඟේ පලු දමයි.

 

අද කතාව එවැනි ඇලජික් එකක් තිබූ පොරක් ගැන ය.

 

ඔහු නමින් රිෂාඩ් ය.

වැඩ කළේ ග්‍රාන්ට්ස් ක්ලයන්ට් සර්විසිං ඩිපාර්ට්මන්ට් එකේ ය.

 

jhasas

ඌට තිබුනේ අමුතුම ලෙඩකි.

 

ක්ලයන්ට් කෙනෙක් කෝල් කළහොත් දහඩිය දැමීමට පටන් ගනී.

 

ක්ලයන්ට් කෙනෙක් හමුවීමට පැමිණිය හොත් ඇඟට පණ නැති ස්වභාවයක් ඇතිවේ.

බඩ පෙරැළීම වැනි තත්ත්වයක් හට ගනී.

ක්ලාන්තය වැනි ස්වභාවයක් ද ඇතැම් විට හට ගනී.

මේ වෙලාවට කරන්නේ කවුරුන් හෝ කෙනෙකු ඉදිරිපත් වී රිෂාඩ් ගේ වැඩ ටික කරදීම යි.

එසේ කළ පසු රිෂාඩ් සාමාන්‍ය තත්ත්වයට පත් වේ.

ඔහු හොඳින් කයි.

බොයි.

කතා බහ කරයි.

හිනා වෙයි.

ඔහොම ඉන්නා අතරේ දවසක් ක්ලයන්ට් කෙනෙක් රිෂාඩ් ට කෝල් එකක් දුන්නේ ය.

තමා හමුවීමට පැමිණ බ්‍රීෆ් එකක් ලබාගන්නා මෙන් ඔහු රිෂාඩ් ට දැනුම් දුන්නේ ය.

Side View Of A Afraid Mature Businessman Hiding Under Table

 

එක් වරම වෙව්ලා ගොස් ඇඟපත පණ නැති වී ඔහු ඔහුගේම මේසය යට පත බෑ විය.

 

අත පය හොල්ලන්නේත් නැත.

ඇස් අරින්නේත් නැත.

හරියට ෆ්‍රෙඩී සිල්වා ගේ බල්ලා සිංදුව වගේය.

මොහොතකින් ඇම්බියුලන්ස් එකක් කඩාගෙන ඒජන්සියට සැපත් විය.

රිෂාඩ්ට කළ යුතු වෛද්‍ය පරීක්ෂණ එහිදී කෙරුණි.

 

bird s eye view of female nurse measuring male patient s blood pressure

 

රිෂාඩ් පමණක් නොව මෙලෝ ලෙඩක් නැතිව සිටි ලොක්කන් ද, ලොක්කන් ගේ ළමයි බමයි ද මෙඩිකල් චෙක් අප් කරගන්නා ලදි.

 

සියල්ල අවසන් වනවිට ඇම්බියුලන්ස් එක පැමිණි විනාඩි 20 ක් උදෙසා ඒජන්සිය ගෙවිය යුතු බිල රුපියල් 54,000/- ද පැනලා ය.

මේ අතරවාරයේ රිෂාඩ් ගේ ක්ලයන්ට් හමුවීමට ඒජන්සියෙන් නියෝජිතයකු ගොස් තිබුණි.

රිෂාඩ්ට එය ආරංචි විය.

එකෙණෙහිම ඔහු කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොලබාම සුවපත් විය.

 

රිෂාඩ් ගේ මේ බොරුව කාට තේරුම්ගැනීමට පුළුවන් වුණත් මැනේජ්මන්ට් එකේ අම්බරුවත්ට නම් තේරුනේ නැත.

 

නැතිනම් තේරුණත් නොතේරුණා මෙන් සිටියේය.

ඒජන්සිය යට තිබූ සුදත් ගේ කැන්ටිමේ ඌරු මස් උයනවාට විරුද්ධව සටන් කළ ප්‍රබල චරිතයක් වූයේ රිෂාඩ් ය.

 

kajssa

දිනක් රිෂාඩ් ගේ ක්ලයන්ට් කෙනෙකු පැමිණ සොසේජස් සම්බන්ධයෙන් සාම්පල් පරීක්ෂාවක් කළේය.

එහිදී පර්යේෂණ මීයන් බවට පත් වූයේ ඒජන්සියේ සේවකයින් ය.

චිකන් සොසේජස්, බීෆ් සොසේජස්, පෝක් සොසේජස් සියල්ලම බැද්දේ එකම තාච්චියේ ය.

ඌරු මස් විරෝධි රිෂාඩ් ද තළුමරමින් සොසේජස් වළදයි.

ඌරු මස් සොසේජස් බැදපු තාච්චියේ එම තෙල්වලින්ම ඔහු කන චිකන් සොසේජස් ද බැද්ද බව මම දැනුම් දුන්නෙමි.

එවිට රිෂාඩ් ගේ උත්තරය වූයේ මෙයයි.

" ගානක් නෑ මචං ...! "


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :

ඇඩ්වර්ටයිසිං ලෝකය (13) : නොකෙරුනු දීගය

ඇඩ්වර්ටයිසිං ලෝකය (12) : කවුද අනේ ජේ. බී...?

ඇඩ්වර්ටයිසිං ලෝකය (11) : රොමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (10) : මහින්ද අයියා

ඇඩ්වර්ටයිසිං ලෝකය (9) : උඹ කතා නැත්තේ මොකද අද උමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (8) : පුතා මම රොසන්

ඇඩ්වර්ටයිසිං ලෝකය (7) : වහල ගැසීම

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...