තම පියාණන් විසින් ගොඩනගා, මෑණියන් විසින් ආරක්ෂාකර 1994 දී තමන් විසින් ජයග්‍රාහී මාවතට ගෙන ගිය ශ්‍රීලනිපයේ අනාගතය සම්බන්ධයෙන් ඇය සිය FB පිටුවේ මෙවැනි සටහනක් තබා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා ශ්‍රීලනිපයේ හිටපු නායිකාව ලෙස ඇය මෙවර ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සමග 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයාට එරෙහිව ගෙනයන සටනට එම පක්ෂයේ සියයට 90කට වැඩි ආසන සංවිධායකයින්ගේ සහය හිමිව ඇත.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු කිහිප දෙනෙකු අතර ඊයේ පැවති සාකච්ජාවේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගෙන් එල්ලවී ඇති බලපෑම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.
ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ගෝඨාබය රාජපක්ෂට සහය පලකළ ද අති බහුතරයක් ශ්‍රීලනිප සංවිධායකයින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සමග එක්ව සිටින බවත් එමගින් අවම වශයෙන් ඡන්ද ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයකට බලපෑමක් විය හැකි බවටත් එහිදී කතාබහට ලක්ව ඇත.
ශ්‍රීලනිප-පොහොට්ටු ගිවිසුමේ රහසක් එලියට!
දුර්වල කළ ශ්‍රී ලනිපයේ සහාය 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට ලබා දීම සඳහා ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර විසින් 'පොහොට්ටු' පක්ෂය සමග අත්සන් කර ඇති ගිවිසුම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තට ම නැතිවන බව සක් සුදක් සේ පැහැදිලි යයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මේ දිනවල දිස්ත්‍රීක්කයක් දිස්ත්‍රීක්කයක් පාසා යමින් ශ්‍රීලනිප පාක්ෂිකයින් දැනුවත් කරමින් සිටියි.
ගිවිසුමේ 12 වන ජේදය ඊට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකිබව ඇය එවැනි රැස්වීම වලදී පෙන්වා දී තිබේ.
පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පසුගිය ඔක්තොම්බර් 10 දා අත්සන් කළ එම ගිවිසුම 2019 නොවැම්බර් 16 න් පසුව කිසිදු වටිනාකමක් නොමැති, පුහු ලියවිල්ලක් බවට පත්වනු නොඅනුමාන බව පසුගියදා ගාල්ලේ පැවති රැස්වීමක දී ඇය පැවසුවාය.
ගෝඨාබයගේ ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට අමතරව ප්‍රධාන පක්ෂය වන්නේ ශ්‍රීලනිප ය බවටත් සියලූ ජයග්‍රහණවලින් 1/3 ක අයිතියක් ශ්‍රීලනිපයට හිමිවන බවත් එම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලනිපයේ මහලේකම් දයාසිරි ජයසේකර පාරම්බානු ලැබුව ද ගිවිසුමේ 12 වන ජේදය දුටුවිට එය අමූලික අසත්‍යයක් බව ඉතාම පැහැදිළි වනු ඇතැයි ඇය එම රැස්වීමේදී පෙන්වා දුන්නාය.
ශ්‍රීලනිපය බාල්දු කළ 12 වන ජේදය - ශ්‍රීලනිපයට සැලකිලි 2018 පුංචි ඡන්දයේ ප්‍රතිපල මත පමණයි !
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා 'පොහොට්ටු' පක්ෂය සමග අත්සන් කර ඇති ගිවිසුමට අනුව ජනාධිපතිවරණයෙන් පසු පවත්නා සියලූ මැතිවරණවලදී ශ්‍රී ලනිපයට හිමිවන්නේ 2018 පළාත්පාලන මැතිවරණයේදී එය ලබාගත් ඡන්ද පදනම මත පදනම්වූ අපේක්ෂක සංඛ්‍යාවක් පමණක් බවට වන කොන්දේසියකි.
එයින් පෙනී යන්නේ ශ්‍රී ලනිපයේ අපේක්ෂකයින් සියයට 30 ක් නොව, සියයට 14ක ප්‍රතිශතයක් පමණක් ලැබිය යුතු බවයි. එය ශ්‍රී ලනිපයේ අනාගතය වළලා දමන එකගතාවයක් බව පැහැදිළිය.
එසේ ගිවිසුම් අත්සන් කල් ද පොහොට්ටු රැස්වීම්වලට සම්බන්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලැබුණේ හූ සංග්‍රහය පමණි. එය කෙතරම් ප්‍රබල වී ද යත් පොහොට්ටු රැස්වීම්වලට සහභාගී නොවීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය.
චන්ද්‍රිකා, ප්‍රභාකරන්ට 'සර්' ලෙසින් ඇමතු කතාව මඩක්!
මේ අතර චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, "පෙරේදා දිනයේදී තමා යාපනය නගරයේ කල සංචාරයේ දී මහජන රැස්විමක් අමතමින් කොටි සංවිධානයේ ප්‍රභාකරන්ව 'සර්' ලෙසින් ඇමතූ බවට ජනමාධ්‍ය ඔස්සේ පතුරුවා ඇති සාවද්‍ය ප්‍රචාරය ඉතා පිළිකුලින් හෙළා දකින බවයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
''ඒකාධිපති, පවුල්වාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක යෙදෙමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විනාශ කරන්නට උත්සාහ කරන දේශපාලන කදවුරක පරාජයේ වියරුව හමුවේ මෙවැනි බොරු ප්‍රචාර මගින් හිටපු ජනාධිපතිවරියක හා සේනාධිනායිකාවක වන මාගේ ප්‍රතිරූපයට සහ එක්ව ඉදිරියට යන ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයහි නියත ජයට අභියෝග කිරිම ඉතා නින්දිත ක්‍රියාවකි.
ප්‍රභාකරන් වැන්නෙකුට මා 'සර්' යනුවෙන් ආමන්ත්‍රණය කල බවට හැකි නම් එකදු සාක්ෂියක් හෝ ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන අතර, පටු දේශපාලන අරමුණු නිසා මෙවන් මඩ ප්‍රචාරයන් සිදුකරන පහත් මට්ටමකට ප්‍රතිවාදීන් වැටී සිටීම ගැන කණගාටු වෙමි."
සබැඳි පුවත් :
රාජපක්ෂලා ශ්‍රිලනිප බලය ඩැහැගනී: ‘‘අපි ශ්‍රී ලංකා‘‘ හෙළිකරයි.(වීඩියෝ)
'අපි ශ්‍රී ලංකා' සමුළුව අද: චන්ද්‍රිකා තෙවැනි වරටත් ශ්‍රීලනිපය බේරා ගැනීමට පෙරට !
ශ්‍රීලනිපයට සැලකිලි 2018 පුංචි ඡන්දයේ ප්‍රතිපල මත පමණයි !
රහසක් එලියට - ''චන්ද්‍රිකා නිසා අවම වශයෙන් ඡන්ද ලක්ෂ 5ක් අහිමිවෙලා'' : ප්‍රභාකරන්ට 'සර්' ලෙසින් ඇමතු කතාව මඩක්!!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටුවට' භාරදීමට සුදානම් නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අවධාරණය කර සිටින්නීය.