2022 20/20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව එංගලන්තය අද ( නොවැම්බර් 13 වැනිදා) හිමිකර ගත්තේය.

ඒ පකිස්ථානයට එරෙහි අවසන් මහා තරගය කඩුළු 5කින් ජය ගනිමිනි.

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8කට ලකුණු 137ක් රැස් කළේය.

ලකුණු 138 ඉලක්කයක් හඹාගිය එංගලන්තය පන්දුවාර 19ක් අවසානයේ ජයග්‍රහාහී ඉලක්කයට ළඟා විය.

බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 51 ක් රැස් කරමින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ICC 2022

champions 2022.11.13
2019 වර්ෂයේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනූ එංගලන්තය, පන්දුවාර 50 තරගවල වත්මන් ක්‍රිකට් ලෝක ශූරයන් වන අතර ඔවුන් අද තරග බිමට පිවිසුණේ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවද තමන් සතු කර ගැනීමේ අපේක්ෂාවෙනි.

20/20 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා පකිස්ථානය අතර අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (MCG) අද (නොවැම්බර් 13 වැනිදා) පස්වරු 1.30ට ආරම්භ විය.


එංගලන්ත ක්‍රීඩකයින් කළුපටි බඳී


Blackbelt 2022
තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කළු පටියක් පැලඳගෙන සහභාගි වී සිටීම විශේෂත්වයකි.

එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන David English ගේ මිය යාම හේතුවෙන් ඔහුට ගෞරවය පුද කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයින් මෙලෙස කළුපටි පැලඳ සිටී.

David Stuart English ඊයේ (12) මිය ගොස් ඇත්තේ හෘදයාබදයක් හේතුවෙන් වන අතර, මියයන විට ඔහු 76 වන වියේ පසුවුණි.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්