2023 අයවැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය ඇරඹෙන බව ජනපති කියයි.



මෙම අයවැය යෝජනා නිසි ලෙස ක්‍රියාත්ම කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවන බවත් ඒ මගින් මෙම යෝජනා  ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (14) සිය අයවැය කතාව කරමින් ප්‍රකාශ කළේය.


අද පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලෙස 2023 වසරේ අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, වසර 25ක් දක්වා යන පුළුල් වැඩ සටහනකට මෙම අයවැය පාදක කර ගන්නා බවයි.  


මෙම වැඩපිළිවෙළට පක්ෂ විපක්ෂ භේදයකින් තෙරව රට ගැන සිතන අය සහය දෙන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ඒ දීර්ඝ කාලීන වැඩසටහන වසර පහෙන් පහට සමාලෝචනය කළ හැකි වන අතර ක්‍රමය මාරුකිරීම වෙනුවට මුහුණු මාරු කිරීමේ දේශපාලනයකට අප යා යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.


එසේම පාර්ලිමේන්තුවට වෙනදාට වඩා මුදල් පිළිබඳව බලයක් ලබා දී ඇති බැවින් පවතින කාරක සභා ක්‍රමය තවදුරටත් ශක්තිමත් ව ක්‍රියාත්මක කළ යුතු බවත් තේරීම් කාරක සභා සහ ආංශික කාරක සභා මගින් මහජන නියෝජිතයන්ට මෙම කාර්යය සඳහා සම්බන්ධ වීමේ අවකාශය සැලසෙන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

 

රටක දීර්ඝ කාලීන (2023-2048) සංවර්ධනයට පදනම් වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවේ යයි  අය වැය ඉදිරිපත් කරමින් ජනපති අවධාරණය කළේය. තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවසක් වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල, වැඩ වර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලුත් ප්‍රවේශයක්, අලුත් වැඩපිළිවෙලක් මගින් තරුණ තරුණියන්ගේ අපේක්ෂා වලට ගැළපෙන නව ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.


ජනාධිපතිගේ 2023 අයවැය කතාවේ සාරාංශයක් :


# අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථික ක්‍රමයක් සකසනවා .

# සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන ලෙස නව ගමන ආරම්භ කරවනවා.

# ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් වෙනුවට තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ගැලපෙන ආර්ථිකයකට පදනම සකසනවා  

# ලෝකයේ නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අලුත් ආර්ථික පදනමක් සකසනවා.

# දිළිඳු හා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීමට පූර්ණ අවධානය යොමුකරනවා

# පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය පහසුකම් සපයන, ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරනවා.

# පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි නව ආර්ථික වැඩපිළිවෙලෙහි විශේෂ අවධානයක්.

# සමාජ- ආර්ථික පරිවර්තනය සිදුකළ යුත්තේ ගෝලීය සංසිද්ධීන් සැලකිල්ලට ගනිමින් සහ දේශගුණික විපර්යාස ගැන දැඩි අවධානයක් යොමු කරමින්..

# ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනව.

# සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් ඔස්සේ  7%- 8% ක ඉහළ ආර්ථික වර්ධනයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි

# ජාත්‍යන්තර වෙළෙඳාම දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස 100%ක් පමණ ඉහළ නංවා ගැනීමට පියවර

# 2023- 2032 දක්වා නව අපනයන මඟින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කෙරේ  

# මීළග අවුරුදු 10 තුළ වාර්ෂිකව ඩොලර් බිලියන 3ක සෘජු විදේශ ආයෝජන ඉලක්ක සපුරා ගැනිමට සැලසුම්

# ඉදිරි දස වසර තුළදී ඉහළ කුසලතාවන්ගෙන් යුතු ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ශ්‍රම බලකායක් බිහි කර ගැනීමට අවශ්‍ය කටයුතු සැකසේ.

 

අප ගෙන එන ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා වන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමුඛ වන්නේ ආර්ථික ස්ථායිකරණය සඳහායි - ජනපති

 

# විදේශ වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා පූර්ණ බලැති මධ්‍යගත ආයතනයක්. මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රාජ්‍ය ආයතන ඊට ඒකාබද්ධ කෙරෙනු ඇත.

# බස්නාහිර, වයඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළත් නව ආර්ථික කළාප රැසක් මේ සඳහා විශේෂ නීති රාමුවක්

# ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය නැංවීමට වැඩසටහන් රැසක්

# ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කෙරේ

# ශ්‍රම වෙළඳපොළ සඳහා නව ප්‍රතිපත්ති යල්පැන ගිය කම්කරු නීති වෙනුවට ඒකාබද්ධ නීතියක්

# කෘෂි අපනයනය සඳහා ඉඩම් ලබාදෙයි .ඌන උපයෝජිත වගා නොකරන ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා ව්‍යවසායකයන්ට

# ඩිජිටල් තාක්ෂණය ආර්ථික හා සමාජ පරිවර්තනය සඳහා යොදාගැනීමට පියවර

# ඛණිජ සම්පත් ඵලදායි ලෙස ජාතික සංවර්ධනයට යොදා ගැනීමට පියවර

# කුරුඳු කර්මාන්තය සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක්

# රජයේ නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් හඳුනාගැනීමට හා විශ්ලේෂණය කිරීමට නව වැඩපිළිවෙලක්

# සමුද්‍රීය සංචාරක සංවර්ධනය සඳහා නව වැඩසටහනක් නැගෙනහිර , දකුණ හා බස්නාහිරට නව සමුද්‍රීය සංචාරක ප්‍රවර්ධන කළාප 3ක්

# දුෂ්කර පාසල් වෙත අන්තර්ජාල පහසුකම් ද්වීතියික පාසල් 1000 කට අන්තර්ජාල පහසුකම් නොමිලේ

#  විශ්ව විද්‍යාල ප්‍රවේශයේ කුසලතා පදනම 2024 සිට පියවරෙන් පියවර 50% ක් දක්වා වැඩි කෙරේ.

# වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි පහසුකම් පුළුල් කිරීමට පියවර රුහුණ, පේරාදෙණිය , යාපනය යන විශ්ව විද්‍යාල වල පශ්චාත් වෛද්‍ය උපාධි පහසුකම් වැඩිදියුණු කෙරේ.

# 75 වන නිදහස් සැමරුමට සමගාමීව උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ගන්නා සිසුන් 75 දෙනෙකුට විදෙස් රටවල උසස් සරසවි වල උපාධි හැදෑරීමට ශිෂ්‍යත්ව 75ක් පිරිනැමේ.

# විශිෂ්ඨ ලෙස උපාධි සමත්වන තරුණ තරුණියන් 75 කට පශ්චාත් උපාධි ලබාගැනීමට විදෙස් සරසවි වල ශිෂ්‍යත්ව පිරිනැමේ.

# ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක්

# රාජ්‍ය සේවයේ සුදුසු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක්

# 2024 මාර්තු 01 වනදා සිට සියලු රාජ්‍ය ගෙවීම් විද්‍යුත් ක්‍රමයක් ඔස්සේ පමණක් සිදුකිරීමට පියවර

# ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට වැඩසටහන් රැසක් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සියලු තොරතුරු මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ

# මිරිදිය ධීවර කර්මාන්තය නැංවීමට මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන වල ධාරිතාව ඉහළ නැංවීමට පියවර 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්