ආණ්ඩුව වෙනස් කිරීම සදහා තවත් අරගලයකට ඉඩ නොතබන බව පවසන ජනාධිපතිවරයා

යළිත් අරගලයක් ආරම්භ කළහොත් හමුදාව හා හදිසි නීතිය පනවා එය නතර කරන බව අවධාරණය කරයි.

"අරගලයක් තව ඇති කරනවා ලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ආවොත් කරන්න දෙන්නේ නැහැ. ඩීන්ඩියම්ලට තැනක් නැහැ මේ රටේ."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 23 වැනි බදාදා පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් සදහන් කළේ පොලීසියෙන් ලබාගත් බලපත්‍රයක් සහිතව විරෝධතා දක්වන්නන්ට තමන්ගෙන් බාධාවක් නොමැති බවයි.

"පොලීසියට යන්න බලපත්‍රය ගන්න. ඔන තරම් පාරේ යන්න. ඔන තරම් කෑ ගහලා යන්න මං ඒකාධිපතියෙක් කියලා. හිට්ලර්වාගේ ඒකාධිපතියෙක් කමක් නැ."



බලපත්‍රයක් නොමැතිව පාරේ සිදු කරන විරෝධතා නැවැත්වීමට පොලීසියට උපදෙස් ලබා දී ඇති පවසන ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේදී තව දුරටත් සදහන් කළේ " එක එක නීතිඥයෝ ගිහින් කතා කරනවා මේ මහෙස්ත්‍රාත් උසාවියේ එහෙම. ඒක කරන්න බෑ. " යනුවෙනි.



අරගලය පිටුපස සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකය කුමාර් ගුනරත්නම් බව පවසන ජනාධිපතිවරයා සදහන් කරන්නේ, මේ වන විට රටේ ජනතාව ඔවුන් සමග නොමැති බවයි.

" දැන් මිනිස්සු රටේ නැනේ ඒ ගොල්ලෝ එක්ක. හැමදාම කෑ ගැහුවා කියලා.මාධ්‍යයෙන් හැදුවට.. දැන් හැදුව මාධ්‍යයත් කවුද කියලා බලමුකෝ. ගිනි තියන්න කිව්වේ කොයි මාධ්‍යයද කියලා බලමුකෝ. ඒකට මම හිතන්නේ කොමිෂන් සභාවක් මං පත්කරන්න ඉන්නේ. විභාග කරායින් පස්සේ."

යුද හමුදාව හා හදිසි නීතිය පනවා අරගල නතර කරන ආකාරය ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපති කරන පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් නරඹන්න,

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්