ප්‍රවාහන වියදම් ඉහළ ගොස් ඇති බැවින් රාජ්‍ය සේවකයන්ට නිවස ආසන්නයේ රාජකාරි කළ හැකි කාර්යාලයක් වෙන් කර දීමට

රජයේ අවධානය යොමු වී තිබේ.


ඒ අනුව රාජ්‍ය සේවකයන්ට නිවසට ආසන්න ප්‍රදේශවලට මාරුවීම් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට නියමිත ය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මේ සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා ඇත.

ණය පොළී අනුපාත ඉහළ ගොස් තිබෙන බැවින් වාරික මුදල් ගෙවාගත නොහැකිවීමේ සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමෙන් වැඩි මුදලක් වියදම් කර බස් රථවලින් රාජකාරියට ගොස් ජීවත්විය නොහැකි වීමේ ගැටලුවකට රාජ්‍ය සේවකයන් මුහුණ දී සිටින බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.

මේ සම්බන්ධව මහ බැංකුව ඇතුළු රජයේ ආයතනවල අවධානය යොමුවිය යුතු බව පැවසූ හෙතෙම, රාජ්‍ය සේවකයන්ට නිවසකට ආසන්න කාර්යාලයක් ලබා දීම සඳහා නිශ්චිත කාලයක් තුළ වැඩපිළිවෙළක් සකස් කරන බව සඳහන් කළේ ය.

මෙම වැඩසටහන සකස් කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක සමරතුංග තමන් සමග පෞද්ගලිකව සාකච්ඡා කළ බව ද ඔහු පැවසිය.

(mawbima.lk)

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්