සටන්කාමි වෘත්තීය සමිති නායක ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ට තර්ජනය කර බියවැද්දීමේ උත්සාහය හෙළා දකින ප්‍රමුඛ පෙලේ වෘත්තීය සමිතියක් ගුරු නායකයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස

ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පෞද්ගලික අංශයේ බහුතරයක් කම්කරුවන් නියෝජනය කරන, පැරණිතම වෘත්තීය සමිතියක් වන ලංකා වෙළඳ,කාර්මික හා පොදු සේවක සංගමයේ [CMU] වැඩ බලන ප්‍රධාන ලේකම් සෙල්ලයියා පලනිනාදන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, ජෝශප් ස්ටාලින් සහෝදරයාව බිය ගැන්වීමෙන් ඔබ්බට ගොස් අනතුරක් කිරීමේ පසුබිම සකස් කෙරෙන  බවට සැක සිතිය හැකි බැවින්, ඔහුගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම ගුරු සංගම් කාර්යාලයේ ආරක්ෂාව ද සහතික කරන ලෙසයි.


මුහුණු ආවරණය කර පොලු මුගුරු රැගෙන නිශ්චිත අනන්‍යතාවයක් නොමැති පුද්ගල කණ්ඩායමක් කොළඹ - කොටුව, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවතේ පිහිටි ගුරු සංගම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ ආවේගශීලීව හැසිරෙමින්, ජෝශප් ස්ටාලින් ඔවුන් ඉදිරියට පමුණුවන ලෙස රැකවලේ සිටී පොලිස් භටයන්ට බලපෑම් කරමින්, බලහත්කාරයෙන් ඇතුල්වීමට උත්සාහ දරා තිබේ.


රජයේ ගුරුවරියන්ට සිය අභිමතය පරිදි පහසු ඇඳුමකින් සැරසී රාජකාරියට පැමිණීමේ ඉඩ තිබිය යුතු බවට කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් මෙම කණ්ඩායම මෙසේ හැසිරී ඇති මුත්, CMU වැඩ බලන ප්‍රධාන ලේකම් පලනිනාදන් ජනාධිපතිවරයාට සිහිපත් කරන්නේ රජයේ සේවකයන්ට සිය කැමැත්ත අනුව පහසු ඇඳුමකින් රාජකාරියට පැමිණිය හැකි බවට කෝවිඩ් වසංගත සමයේ ආණ්ඩුව නිකුත් කළ නියෝගය තවමත් වලංගු බවයි.

කෝවිඩ් රෝගී තත්වය ලිහිල් වී තිබුණ ද, බලයට පත් දුෂිත දේශපාලඥයන් කරනු ලැබූ අති විශාල මහජන මුදල් වංචාවන් ගෙන්  හා අයහපත් පාලනයෙන්  රට බංකොලොත් වී ජනතාව ආර්ථික වසංගතයකට මුහුණ දී සිටින මේ මොහොතේ දිනෙන් දින ඉහල යන ආහාර ද්‍රව්‍ය හා සේවාවන්ගේ මිල ගණන් අතර සාමන්‍ය මට්ටමේ සාරියක් වුවද රුපියල් 5000 හේ සිට ඉහල ගනනකට මිලදී ගැනීමට ගුරුවරියන්ගේ මාසික වැටුප ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිට යොමු කළ එම ලිපියෙන්  අවධාරණය කර ඇත.



රජයේ සේවකයන් ලෙස ආරක්ෂක හමුදාවන්ට, හෙද හෙදියන්ට, නගර සභා සේවකයන්ට, හා පාසැල් සිසු සිසුවියන්ට මෙන් ගුරුවරියන්ට නිල ඇඳුම් ලබා නොදෙන බැවින්, වෘත්තීය සංගම් නියමුවෙකු ලෙස ජෝශප් ස්ටාර්ලින් සහෝදරයා එම සාධාරණ ඉල්ලීම කර ඇත්තේ සිය සාමාජිකත්වය වෙනුවෙන් නිසා කළ යුත්තේ ඔහුව බිය වැද්දීම නොව, රජයේ පාසැල් ගුරුවරියන්ට සහන මිලට හෝ නොමිලේ සාරි ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසීම බවට CMU වැඩ බලන ප්‍රධාන ලේකම් පලනිනාදන් ජනාධිපති වික්‍රමසිංහට පෙන්වා දෙයි.


මේ සඳහා කෝවිඩ් වසංගත සමයේ මෙන් ප්‍රමාදයකින් තොරව, ආණ්ඩුව මැදිහත්ව අරමුදලක් පිහිටුවා, නව වසර ආරම්භයේදී ගුරුවරියන්ට හා සිසු සිසුවියන්ට දරන්නට වන ආර්ථික අපසුතා මග හැරීමට දෙස් විදෙස්  ආයතන වලින් ආධාර ලබා ගත යුතු යැයි වෘත්තීය සංගම් නායකයා යෝජනා කරයි.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්