ආත්මාර්ථකාමී සුළුතරයක් විසින් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල්වන ආකාරයට සිදු කරන නීති විරෝධී උද්ඝෝෂණ මැඩලීමට බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් පොලිසියට අලුත් බලතල ලබා දී ඇති බවත්,

තමන්ද එම ශිෂ්ඨ සම්පන්න යුරෝපීය අත්දැකීමෙන් පිට කිසිදු විටෙක කටයුතු නොකරන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඒ අනුව නීති විරෝධී ක්‍රියාවලින් බහුතර ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල් වීම වැලැක්වීම සඳහා තමා කටයුතු කරන බව ද ඔහු අවධාරණය කර සිටියි.WhatsApp Image 2022 12 03 at 12.41.44 AM

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් උපුටා දක්වමින් ටිරාන් අලස් අමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ, ට්විටර් පනිවිඩයක් නිකුත් කරමිනි.

අමාත්‍ය ටිරාන් අලස් සිය දීර්ඝ ට්විටර් පනිවිඩයේ මෙසේ සටහන් කර තිබේ.


'' මා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ, උද්ඝෝෂණ කිරීම සඳහා ක්‍රමයක් නීතියක් සහ පිළිවෙලක්  ඇති බවයි.''

එසේම බ්‍රිතාන්‍ය අගමැති රිශී සුනාක් උපුටා දක්වමින් බීබීසී ය වාර්තා කර ඇත්තේ,  "ආත්මාර්ථකාමී සුළුතරයක් සාමාන්‍ය ජනතාවගේ  ජනජීවිතය කඩාකප්පල් කරන ආකාරයට සිදුකරන  නීති විරෝධී උද්ඝෝෂණ කිසිසේත් අනුමත නොකරන බවත්, නීති විරෝධී කටයුතු කරන උදවිය නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවයි. තවද  නීති විරෝධී උද්ඝෝෂණ මැඩලීම සඳහා පොලිසියට අලුත් බලතල ලබාදී ඇති බවත් ය. ''

''ඒ දියුණු ශිෂ්ටසම්පන්න යුරෝපීය අත්දැකීමෙන් පිට අපද කිසිවිටෙකත් කටයුතු කරන්නේ නැත. නීත්‍යනුකුල ලෙස සිදුකරන කිසිඳු විරෝධතාවක් මැඩලීම අප ප්‍රතිපත්තිය නොවේ. ''

''අප කටයුතු කරන්නේ නීති විරෝධී සුළුතරයේ ආත්මාර්ථකාමී කටයුතු වලින් බහු ජනතාවගේ ජනජීවිතය කඩාකප්පල්වීම වැළක්වීම සඳහාය.''


මුලාශ BBC ලිපිය :
Rishi Sunak pledges police powers to tackle illegal protests



සබැඳි පුවත් :
ටිරාන් යන්නේ කොයි පාරේ රනිල් ලොක්කා ‍යන පාරේ...!

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්