leader s

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඇතැම් තීන්දු පිළිබඳව දැඩි කලකිරීමට පත් වී සිටින බවත් ඒ හේතුවෙන්ම සිය තනතුරු අත්හැරීමට ගත් තීන්දුව වැළකී ගියේ අවසන් මොහොතේ දී

බවත් විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය ඉල්ලා අස්වීම භාර දී තනතුරුවලින් ඉවත්වී යෑම සඳහා ඇමතිවරයා ගත් උත්සාහය වැළකී ඇත්තේ අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකරගේ මැදිහත්වීම නිසා බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ආරංචි මාර්ග හෙළි කළේය.

මෙම ගැටුමට ප්‍රධානම හේතුව වී ඇත්තේ තමන් යටතේ ඇති මහවැලි  අමාත්‍යාංශයේ කටයුතු සඳහා විපක්ෂ මන්ත්‍රී රෝහිණී කවිරත්න මැදිහත්වීමත්, කුමණ හෝ හේතුවක් නිසා ජනාධිපතිවරයා ඇමතිවරයා අපහසුතාවයට පත් කර රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටීමත් බවත් අනාවරණය වේ.

පවතින අර්බුදය තවමත් විසඳී නැති බවත් ජනාධිපතිවරයාගේ විශේෂ රැකවරණයක් රෝහිණී කවිරත්නට ලැබී ඇත්තේ ඇය ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින නිසා බවත් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

මෙවැනි කතාබහකට හේතුවී ඇත්තේ, පසුගියදා පාර්ලිමේන්තුවේදී රෝහිනී මන්ත්‍රීවරිය හා මහවැලි විෂය බාර අමාත්‍ය රොෂාන් රණසිංහ අතර මහවැලි ඉඩම් පැවරීම සම්බන්ධයෙන් සිදුවූ මත ගැටුමයි.

අමාත්‍යවරයා  අසාධාරණ ලෙස බෙදා දීමට ගිය ඉඩම් පිලිබඳ ලේඛනය ජනාධිපතිවරයා විසින් අහෝසි කලේ තමාගේ ඉල්ලීම මතබව රෝහිනී මන්ත්‍රීවරිය එහිදී සඳහන් කළාය.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්