ලබන වසර (2023) සඳහාවූ රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) පාර්ලිමේන්තුවේදී අද (8) වැඩි ඡන්ද 43 කින් සම්මතවිය.


අයවැයට පක්ෂ වූවන් අතර සුර්ශණී ප්‍රනාන්දු පුල්ලේ සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රී වරුන්ද විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 80 ක් පමණි.

සමගි ජන බලවේගය පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය, දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. සී.වී විග්නේෂ්වරන් සහ වේලු කුමාර්එ එම මන්ත්‍රීවරුන් දෙදෙනාය.

පනත් කෙටුම්පතට විරුද්ධ හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල  මුලසුනෙන් ඉල්ලා සිටියේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ (8) දවස පුරා පැවැත්විණ. අයවැය විවාදය පස්වරු 6.50 ට පමණ අවසන් වූ අතර අවසාන ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන් අනතුරුවය.

මේ අනුව අයවැය විවාදය අද දිනයෙන් අවසන් විය.

මෙවර අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය නොවැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 22 වන දින පස්වරුවේ පැවැත්වුණි. එහිදී මන්ත්‍රීවරු 121දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 84 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ඒ අනුව වැඩි ඡන්ද 37කින් අයවැය දෙවනවර කියවීම සම්මත වුණි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්