ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන හොඳ වැඩ වලට ගරු කරන බවත් එවැනි වැඩවලට සහය දක්වන බවත් 
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සඳහන් කරයි.

''අද එතුමා හොඳ දෙයක් කරලා තිබුණා රාජ්‍ය ආයතනවල ඡායාරූප හයි කරන්න එපා කියලා. ඒක හොඳ දෙයක්. ඒ වගේම අපි එතුමාගේ කකුලෙන් අදින්න එතුමාට හිරිහැර කරන්න අවශ්‍ය නැහැ. '' යයි ද ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කියා සිටියේය.

''බොහොම පැහැදිළිවම ජනතාව අපේ මතය ප්‍රතික්ෂේප කරලා තියෙනවා, ඒක පිළිගන්න ඕනෙනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මතය පිළි අරන් තියෙනවා ලක්ෂ 69 ක්. අපේ මතය පිළිඅරන් තියෙනවා ලක්ෂ 55 ක් එ‍තකොට පැහැදිළිවම අපි ජනමතයට ගරු කරන්න ඕනේ.

අපි ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාට කරපු ප්‍රකාශ චෝදනා ජනතාව පිළි අරගෙන නැහැ. 

මම එතුමා එක්ක පෞද්ගලිකව කිසි තරහක් නැහැ. කතා කරලා නැහැ ඈතින් දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් වේදිකාවේදී අපි හිතමු වර්ල්ඩ් කප් සටන ව‌ගේ විරාජ් කෝලි මට කිසි වරදක් කරලා නැහැ නමුත් මම විරාජ් කෝලිට බැනලා තියෙනවා.  විරාජ් කෝලිගේ නෝනා අනුෂ්කා ශර්මා කියන නිලියටත් මම බැනලා තියෙනවා මම එයාගේ ෆිල්ම් බලන්නෙත් නැහැ. කිසිම හේතුවක් නැහැ මට කරපු වරදක් නැහැ.  

ජනාධිපතිවරණයේදීත් එහෙම වෙනවා. එතුමා කරන හොඳ වැඩ වලට අපි ගරු කරනවා. අද එතුමා හොඳ දෙයක් කරලා තිබුණා රාජ්‍ය ආයතනවල ඡායාරූප හයි කරන්න එපා කියලා. ඒක හොඳ දෙයක්. ඒ වගේම අපි එතුමාගේ කකුලෙන් අදින්න එතුමාට හිරිහැර කරන්න අවශ්‍ය නැහැ. 


''දඟ වැඩ කරන ශිෂ්‍යයෙක්ට මොනිර් කම දුන්නා හා සමානයි''


මම  හිතනවා එතුමාගේ පත්වීම අර ඉස්කෝලෙක කතන්දරයක් තියෙනවා, කියන්නද මටත් සිද්ධ වු දෙයක්. මීගමුවේ මාරිස්ටෙලා කොලේජ් එකේ  ශිෂ්‍යයෙක් හිටියා. ඒ ශිෂ්‍යයා සර්ලට හැමවෙලේම හරියට කරදර කරනවා. සර්ලට චිත්‍ර අඳිනවා නම් දානවා ඒවා මේවා කරනවා. අන්තිමට මාරිස්ටෙලා කොලේජ් එකේ හිටියා ප්‍රින්සිපල් බ්‍රදර් ක්ලින්ටන් කියලා. ඒ බ්‍රදර් ක්ලින්ටන් ඒ ශිෂ්‍යයට දුන්නා පන්තියේ මොනිටර් කම මල්ලි.  මොනිර් කම දුන්නා විතරයි මල්ලී පන්තිය මීයට පිම්බා වගේ සයිලන්ට්. මොකද ඒ ශිෂ්‍යයා තමයි ඒ දඟ වැඩ ඔක්කොම කරලා තියෙන්නේ. මම හිතනවා දඟ වැඩ කරන ශිෂ්‍යයෙක්ට මොනිර් කම දුන්නා හා සමානයි.

 දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මම දකින සුන්දර පැත්ත මොකක්ද, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ජීඑම්ඕ  එක කිවුවා ආයිත් කවදාවත් ස්ට්‍රයික් කරන්නේ නැහැ කියලා. මොකද පාදෙනිය මහත්තයා ඉන්නේ ගෝඨාභය මහත්තයා‌ එක්ක.

 ප්‍රයිවට් බස් සංගමයේ ගැමුණු ස්ට්‍රයික් කරන්නේ නැහැ මල්ලී එයා ඉන්නේ ගෝඨාභය මහත්තයා එක්ක. 

මල්ලි බුදු පිළිම කුඩු වෙන්නේ නැහැ මුස්ලිම් පල්ලිවලට ගහන්නේ නැහැ නාමල් කුමාර ඩෑම් ප්‍රියසාද් අපේ මිත්‍රයා, එතකොට ඥානසාර ගරු ස්වාමින් වහන්නේ, අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඉන්නේ එතුමාත් එක්ක. 

එතකොට දුම්රිය සේවක වර්ජන දුම්රිය රියදුරු වර්ජන එකක්වත් නැහැනේ මල්ලී අද ඉඳන්. ඒකට නම් මම ගෝඨාභය මහත්තයාට කැමතියි ඒ වැඩේට නම් මොකද ඒ සේවකයෝ අද ස්ට්‍රයික් කරන්නේ නැහැ. ඒ කියන්නේ දුම්රිය මගීන්ට ආයිත් රස්තියාදු වෙන්න දෙයක් නැහැ මේ අවුරුදු පහේ. 

රෝහල්වල අහිංසක ගමෙන් ආව ලෙඩ්ඩුන්ට රස්තියාදුවක් වෙන්නේ නැහැ.  මම හිතනවා යුනිවසිටි එකේ උපාධිධාරීන් ආයිත් මේ අවුරුදු පහේ එළියට බහින එකක් නැහැ කියලා. 

ඒ වගේම රණවිරුවන් දීමනා වරප්‍රසාද ඉල්ලලා ජනාධිපති මන්දිරයට එයිද මල්ලී මොකද හිතන්නේ එනේනේ නැහැ නේද? ආ ජීවිතේට එන්නේ නැහැලු මේ මාධ්‍ය මහත්තයාත් කියනවා. 

ෆේස්බුක් එකේ එතුමාට විරුද්ධව කාටුන් අඳියිද නේද මල්ලි මම හිතන්නේ නම් නැහැ. මෛත්‍රීපාල මහත්තයාට වගේ සෙල්ලම දාන්න බැහැ. 


''ජනතාවට ප්‍රශ්නයක් නැතුව පාරේ ඇවිදින්න පුළුවන්''


 ඒ අතින් ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැතුව ජනතාවට පාරේ ඇවිදින්න පුළුවන් ස්ට්‍රයික් නැහැ. උපාධිධාරීන් එන්නේ නැහැ. දොස්තරලා එන්නේ නැහැ, බස් වර්ජන නැහැ, දුම්රිය වර්ජන නැහැ, වතුර ඉල්ලලා වත් මිනිස්සු පාරට බහින්නේ නැහැ දන්නවා මල්ලි වෙඩි කන්න වෙනවා. 

එතකොට මල්ලී ලාම්පු තෙල් අඩු කරන්න කියලා කවුරුත් පාරට බහින්නේ නැහැ. ඒ පැත්තෙන් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෞරවයක් තියෙනවා ඒක එහෙම වෙන නිසා. 

අඩුමගානේ මල්ලී මම හිතන්නේ ඉදිරි අවුරුදු පහේ  ඔය හන්දිවල අහිංසක හිඟන්නෝවත් ඉන්න එකක් නැහැ කියලා මම හිතනවා මොකද භයානක ඉතිහාසයක් අහිංසක යාචකයන්ට එරෙහිව තිබුනා.

ඔබතුමා කිව්ව කාරනා සියල්ලටම අනුව ඒකෙන් පේන්නේ ඔබතුමාලාගේ නොහැකියාවද? එතුමාගේ හැකියාද?
ඕක මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයට කියනවා නොහැකියාව කියලා. දැඩි මිලිටරි පාලනයට කියනවා හැකියාව කියලා. ඕක මල්ලි මෙහෙත් වුණා කොහෙද වුණේ මැනිලාවල. මැනිලාවල කුඩු වසන්ගතය ඉවර කරන්න බැරි වුණා. ඊට පස්සේ මැනිලා වල ඉන්න පිලිපීනයේ ජනතාව රොඩ්රිගෝ දුතාර්තේ කියලා කෙනෙක්ව පත් කරගත්තා. එයාගෙන් 26 දාහක් ඝාතනය වුණා. හැබැයි කුඩු නැවැත්තුවා. 

''ජනතාව ඉල්ලුවා ජනතාව මෙල්ල කරන්න මිලිටරි නායකයෙක්''

ඉතින් ජනතාව පහුගිය ටිකේ ඉල්ලුවානේ මල්ලි ජනතාව මෙල්ල කරන්න මිලිටරි නායකයෙක් ඕනේ හිට්ලර් කෙනෙක් ඕනේ දරුණු පාලකයෙක් ඕනේ කියලා.  ඉතින් අපේ යහ පාලනයේ තිබුණේ මල්ලී බොහොම හිනාවෙලා කතා කරන, කාටුන් ඇන්දත් ෆේස් බුක් එකෙන් ගැහුවත් එහෙම පාඩුවේ හිටපු ජනාධිපති කෙනෙක් හිටියේ, එයාට නැති වෙන්න ගැහුවා එයා මුකුත් කරේ නැහැ. 


ඒ අවුරුදු පහට මේ 2019 වෙනකන් එක මාධ්‍යවේදියෙක් මැරුනේ නැහැ මාධ්‍ය ආයතන ගිනිතිබ්බේ නැහැ. දැන් ඔයගොල්ලත් මට පේන්නේ නිකන් බිය මුසු මුහුණක් තියෙන්නේ. තව අවුරුදු පහකින් තමයි මල්ලී ඒකට හැකියාද නොහැකියාවද කියලා කියන්න වෙන්නේ, සහතිකය දෙන්න වෙන්නේ. 

හැබැයි  දැනට අපි එතුමාගේ කකුලෙන් අදින්නේ නැහැ. එතුමා එක්ක කිසිම තරහක් නැහැ. එතුමාට මහා ජනවරමක් ඇවිල්ලා තියෙනවා ලංකා ඉතිහාසයේ ලොකුම ජනවරම ලක්ෂ 69. අනිත් එක එතුමා ගත්තා සියයට පනස් දෙකක්. මහින්ද මහත්තයාටත් ගන්න බැරිවුණු ජනවරමක්.

අපි බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා තියෙන විදිහට ඒ දේවල් කරන්න  එතුමාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.  අපි එතුමාගේ කකුලෙන් අදින්නේ නැහැ. නරක දේට විරුද්ධ වෙනවා හොඳ දේට අපි කැමතියි. 

නමුත් මම කරපු චෝදනා එහෙම්මමයි. එක චෝදනාවක් විතරක් ඉල්ලා අස් කරගන්නවා මාධ්‍ය ඉදිරියේ. මට එකක් වැරදුනා සමාවෙන්න. ශ්‍රී පාදේ ඝන්ඨාරේ ගැන කතා කරා,  ඝන්ඨාර දෙකක් තියෙනවා කියන එක මම කිව්වා. කලම්බෝ සිටි එකේ එකයි  තිබුණු ඝන්ඨාරේ ගැන විහාරධිපති කියලා තිබුණා. 

මම කිව්වා එතුමාගේ පුතා ඇමෙරිකන් සිටිසන් කියලා ඡන්දය දාන්න බැහැ කියලා ඒක හරි, එතුමාගේ අයියා ඩඩ්ලිට ඡන්දය දාන්න බැහැ කියලා මම කිව්වා ඒක හරි, බැසිල් මහත්තයාට එයාගේ වයිෆ්ට ඡන්දය දාන්න බැහැ කිව්වා ඒක හරි.
 
''අයෝමා රාජපක්ෂ ගෞරවනීය ආර්යාවක්''
 

  නමුත් අයෝමා රාජපක්ෂ ඡන්දය දාලා තිබුණා කියලා මට ආරංචි වුණා එතෙනදි  ඒක විතරක් ජනතාවට කියනවා මොකද මම හැමදාම තිත්ත ඇත්ත කතාකරා. ඒ කිව්වා දේ විතරයි මට වැරදුනේ, අයෝමා රාජපක්ෂ එයා ඩුවෙල් සිටිසන් එයාට ඇමෙරිකාවෙත් ඡන්දය දාන්න පුළුවන් මෙහෙත් ඡන්දය දාන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් ලිපි ලේඛන පෙන්නුවේ නැහැ. ඒක මම හරියටම දන්නේ නැහැ.

 නමුත් අනිත් ඒවා සේරම සොහොන් කොත ගැන ඇවන්ගාඩ් එක ගැන, රතන ගමගේ  එතුමා ඉදිරියේදී උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා තරහකින් නෙවෙයි, ඒ චෝදනා සියල්ල එහෙමමයි. 

නමුත් මම අර කිව්ව දේ මධ්‍ය ඉස්සරහ ඉල්ලා අස්කර ගන්නවා. අයෝමා රාජපක්ෂ මහත්මිය එතුමිය ගෞරවනීය ආර්යාවක් මම දැක්වා එතුමිය කවදාවත් වැරදි වැඩ කරේ නැහැ. එතුමියට ඩුවෙල් සිටිසන් තියෙනවා. මම දැක්කා ඇඟිල්ල පාට කරගෙන ඉන්නවා.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්