පොලිසිය සමග ගනුදෙනු සිදුකිරීමේ දී තමන් මුහුණ දෙන අපහසුතා වළක්වා ගැනීමේ අභිලාෂය සහිතව

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ (LGBTQ )
නියෝජිත පිරිසක් හා පොලිස්පතිවරයා අතර හමුවක් ඊයේ (09) සවස පොලිස් මූලස්ථානයේ දී පවත්වා ඇත.

මෙම අවස්ථාවට කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ලේකම්වරයාත් එම අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී තිබේ.

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව නියෝජනය කරමින් සහභාගී වූ සංවිධාන කීපයක නියෝජිතයින් සහ ඔවුන්ගේ නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ පොලිසිය සමග කටයුතු කිරීමේ දී මෙම ප්‍රජාව දැඩි අපහසුතාවයකට පත්වන බවය.

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අවධානයකින් යුතුව කටයුතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ද පොලිස්පති වෙනුවෙන් ඍජුව මැදිහත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන පත් කිරීමට ද මෙහිදී පොලිස්පතිවරයා විසින්  තීරණය කර තිබේ.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

WhatsApp Image 2022 12 10 at 20.12.38

 


new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්