රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් වී ආණ්ඩුව භාරදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ආණ්ඩු පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පස්වරුවේ ප්‍රකාශයක් කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණගැසි ඇති අතර එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටියි.

මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුවක් යටතේ රජය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ජාවී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ එම සාකච්ජාවේදී ඇතිකර ගත් එකඟතාවය මත බව ද පැවසේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට සහය දෙනවා - මනෝ ගනේෂන් 

මේ අතර දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසන්නේ, පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අගමැති වහාම තීරණයක් ගත යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට පියවර ගන්නේනම් ඊට සහය ලබාදෙන බව ඔහු 'අද දෙරණ' කළ විමසීමකදී පැවසීය.

අදාල සන්ධානයේ පක්ෂ නායකවරුන් අතර ඊයේ (19) පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු වූ බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් අමාත්‍යවරුන් තනි තනිව තම ධූරවලින් ඉල්ලා අස්වීමට ගෙන ඇති තීරණය සුදුසු නොවන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා පැවසුවේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්