leader s

රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුරුණෑගලදී පැවසුවාය.



නව ලංකා නිදහස් පක්ෂය,  ''අනාගතයට වෙනසක් '' දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් විසින් සංවිධානය කළ ජනහමුවේදී හිටපු ජනාධිපතිනිය එසේ සඳහන් කළාය.

එහිදී ඇය මෙසේද කියා සිටියාය.

''රට හදන්න රට ගොඩනගන්න තරුණ නායක්ත්වය අවශ්‍යයයි. අපි කවමදාවත් අමතක කරන්නෙ නෑ අරගලයේ පණිවිඩය. මේ තරුණ අරගලය අපේ රටේ ඇති වුණ ඉතා වැදගත් වටිනා මහා පෙරළියක්. ඓතිහාසික සිදුවීමක්. මේ අරගලය එසේ මෙසේ දෙයක් කියා හිතන්න එපා. මුළු රටම උඩු යටිකුරු කරපු පවතින පාලන ක්‍රමය ඔළුවෙන් හිටවපු මේ කටයුත්ත දැන් අමතක කරවන්ඩ උත්සහ කරනවා. මේ අරගලයේ පණිවිඩය කුමක්ද? අවුරුදු 70 ගණනක් බලයට ගෙනල්ලා ඒ හැම දෙනාම අපි රැවැට්ටුවා. හැම දෙනාම නොවෙයි. ටික දෙනෙක් රැවැට්ටුවා. හොරා කෑවා. මීනී මැරුවා. රට කෑවා. ඒ අය කීවේ අපිට 225 එපා. අපිට අලුත් නායකත්වයක් අලුත් දර්ශනයක් අවශ්‍යයයි කියලා. පොදුවේ රට පාලනය කරන දේශපාලන සංස්කෘතියක් සහිත රට ගොඩනගන්නට නව නායකත්වයක් අවශ්‍යයයි. රැඩිකල් වෙනසක් ඔවුන් බලාපොරොත්තු වුණා.''


අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් ද හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග සහ හිටපු අමාත්‍ය ප්‍රියංගනී අබේවික්‍රම නීතිඥ පියුමාල් හේරත් ද මෙම රැස්වීමේදී සභාව ඇමතිය.

{gallery}CBK 2022.12.14{/gallery}


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්