leader s

මෙරට 24වන නාවික හමුදාපතිවරයා ලෙස 2020 වසරේ ජූලි මස 15 වන දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (18) එම ධූරයෙන් විශ්‍රාම ගනු ලැබිය.


ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව පත්කර තිබේ.

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.

ඒ අනුව, අද (18) උදෑසන, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නව නාවික හමුදාපති වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාරදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණි.

ඉන් අනතුරුව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ලබා දුන් අතර පසුව ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින්ගේ සුභාශිංෂන මැද නාවික හමුදා රථ පෙළපාලියකින් ඔහු නාවික හමුදා මූලස්ථානයෙන් පිටව ගියේය.

නව නාවික හමුදාපති වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්