leader s

බීබීසිය විසින් 2022 වසර සඳහා නම් කරන ලද 'වසරේ කාන්තාවන් 100' (BBC 100 Women 2022) අතරට තමන් නම් කිරීම සම්බන්ධයෙන් සහ හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීමේ සිද්ධියට අදාළ

නඩු කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙසැම්බර් 19 වන දින (සඳුදා) කොළඹදී සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

එහිදී ඇය අවධාරණය කළේ තම සැමියා වෙනුවෙන් යුත්කිය සොයා යන දීර්ඝ අරගලය අතරතුර තමන් ලැබූ නරකම අත්දැකීම් තම ගමනට නිරන්තර ශක්තියක් වූ බවයි.

එවකට විපක්ෂ නායකව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් වෙත දුරකතනයෙන් අමතා තම සැමියා සොයා ගැනීමට සහාය වන බවට පොරොන්දු වූ බවත් ඇය එහිදී කියා සිටියාය.

කෙසේ වෙතත් මේ වනවිට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වී දින 4712 ක් ගෙවී ගොස් තිබේ.

(BBC සිංහල සේවය) 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්