යුද පීඩිත දෙමළ ජනයාගේ ප්‍රශ්න වාර්තා කිරීමේ යෙදී සිටින වන්නියේ දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනකුට සිවිල් ඇඳුමින් යුත් පොලිස් නිලධාරියකු විසින් තර්ජනය කර තිබේ.



මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් සහ කනපතිපිල්ලේ කුමනන් එම තර්ජනයට මුහුණ දී ඇත්තේ දෙසැම්බර් 19 වැනි සදුදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අතුරුදහන් වු පවුල්වල ඥාතීන් විසින් සිදු කළ විරෝධතාවයක් වාර්තාකරමින් සිටියදීය.

ඔවුන්ගේ විරෝධතාව එල්ලවූයේ හමුදා බාරයේ අතුරුදහන් වුවන් එකකුදු සොයා ගැනීමට අවුරුදු පහක් තිස්සේ කිසිත් නොකළ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) කොමසාරිස් වරුන් හදිසියේම විමර්ශන සඳහා යැයි පවසමින් ඥාතීන් හමුවීමට පැමිණ තමන්ගේ ජායාරූප ගන්නේ ඇයිදැයි මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් ඔත්තු සේවා සාමාජිකයකු ලෙස සැකකෙරෙන පුද්ගලයාගෙන් විමසන විට එම ස්ථානයේ සිටින නිල ඇදුම් ඇදගත් පොලිස් නිලධාරියකු සැකකාර පුද්ගලයාට පවසන්නේ ‘නැති ප්‍රශ්න ඇති නොකරගන්නා’ ලෙසයි.

එවිට "මෙයා දැන් ගොඩක් කල් මට ප්‍රශ්න දාගෙන ඉන්නේ. මම එයාව අල්ලගන්නං" යනුවෙන් ඔහු මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ට තර්ජනය කරන ආකාරය මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් විසින් වීඩියෝ ගතකර තිබේ.

 

ප්‍රදේශවාසී ජනයා මෙන්ම පළාත් බද මාධ්‍යවේදීන්ද පවසන්නේ සැකකාර පුද්ගලයා පොලිසියේ වග තමන් හොදින්ම දන්නා බවයි.  නමුත් ඔහු ප්‍රශ්න කිරීමට ලක්වූ අවස්ථාවේ තමුන් හඳුන්වා දුන්නේ ‘මීඩියා’ ලෙසිනි. මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකා ඊෂ්වරී මරියදාසන් ද ඔහුට වීඩියෝ සහ ඡායාරූප නොගන්නා ලෙස අවධාරණය කරන ආකාරයත් වීඩියෝවේ දැකගත හැක.

 

" ඔයා මෙහෙම තමයි. හැමදාම අපිට තර්ජනය කරනවා. මේක නවත්තන්න. අපේ වීඩියෝ, ඡායාරූප ගන්න එපා. "


යුද පීඩිත උතුරේ සිදුවන අපරාධ සහ දුෂණ වංචා හෙළි කරන ජනමාධ්‍යවේදීන් හිරිහැරයට පත් කිරීම සඳහා සිදු වන ශාරීරික පහර දීම් වලට අමතරව මෙවැනි තත්වයන් ද එම පළාතේ මාධ්‍යවේදීන් පීඩාවට පත් කිරීමට හේතුවී තිබේ.

මල්ලාවියේ ඉන්ධන හිඟය පිළිබඳව වාර්තා කිරීමේ යෙදී සිටියදී ඔත්තු සේවා සාමාජිකයකු ලෙස සැකකෙරෙන අයකුගේ පහර දීමට මේ වසරේ ජුනියෙදී ලක්වූ  මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති ෂන්මුගම් තවසීලන් මෙයින් දෙවසරකට ඉහතදී හොර ලී ජාවාරමක් හෙළිදරව් කිරීම නිසා කනපතිපිල්ලේ කුමනන් සමග දරුණු ප්‍රහාරයකට ගොදුරු වූවෙකි.





සබැඳි පුවත් :
දෙමල මාධ්‍යවේදි කනපතිපිල්ලෛ කුමනන්ට පොලිස් කැඳවීමක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්