හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ සමීපත ම ව්‍යාපාරිකයෙකු විසින් මිල දී ගත් "ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ" සිදු වූ මගඩි රැසක් මේ වන විට අනාවරණය වෙමින් තිබේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී කරන ලද පත්වීම් නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී බව කියමින් එම පක්ෂයේ ජාතික කාරක සභාවේ සාමාජිකයන්ගෙන් බහුතරයක් මැතිවරණ කොමිසමට පැමිණිලි කොට ඇත.  

මහාචාර්‍ය අනුර කුමාර උතුමන්ගේ, ලැසිල් ද සිල්වා ඇතුළු එම පක්ෂයේ ජාතික කාරක සභාවේ සාමාජිකයන් 14 දෙනාගෙන් 11 දෙනෙකු එම පැමිණිල්ලට අත්සන් කොට තිබේ.

එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

"වාර්ෂික මහා සභා රැස්වීම අතරවාරයේ පක්ෂයේ සාමාජිකයෙකු වන එහෙත් ජාතික කාරක සභාවේ සාමාජිකයෙකු නොවන කේ.එස්.ටී පෙරේරා පැමිණ පක්ෂ සාමාජික අයදුම්පත් සහිත ලිපිගොනුවක් පක්ෂ මහලේකම්ට භාර දීමෙන් අනතුරුව එහි තිබූ නව සාමාජික අයැදුම්පත් 38ක් මහලේකම් විසින් සභාගත කරන ලදී. අප පක්ෂයේ සම්ප්‍රදාය වූයේ සාමාජික අයදුම්පත් සභාගත කිරීමෙන් අනතුරුව එළඹෙන ඊළඟ ජාතික කාරක සභා රැස්වීමේදී අයදුම්කරුවන්ගේ නම් ඇතුළත් පෙර සභාවේ වාර්තාව යෝජනා ස්ථිරත්වයෙන් සම්මත වූ පසුව පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමයි. ඒ අනුව පක්ෂයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී සිදුව ඇත්තේ ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව එකී අයදුම්පත් පිළිගැනීම පමණි. පක්ෂ ව්‍යවස්තාවේ 5 වැනි වගන්තියට අනුව පක්ෂ සාමාජිකත්වය වලංගු වන්නේ නිසි ලෙස කැඳවන ලද ජාතික කාරක සභා රැස්වීමක දී සම්මත වීමෙන් පසුව පමණක් වේ.  එහෙත් එම පිළිවෙතට අනුව මෙම පක්ෂ සාමාජික අයදුම්පත් සම්මත කරගැනීමක් සිදු කරගෙන නොමැත.


WhatsApp Image 2022 12 28 at 7.18.40 AM                                මහාචාර්ය අනුර උතුමන්ගේ



එම පැමිණිල්ලට අනුව පක්ෂයේ වාර්ෂික මහා සම්මේලනයේ දී පක්ෂයේ ප්‍රධාන තනතුරුවන සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික ඇතූව 07 දෙනෙකු ම පත්ව ඇත්තේ මෙලෙස ව්‍යවස්ථා විරෝධීව පත් කරන ලද පක්ෂ සාමාජිකයන් අතුරිනි. ඒ කිසිවෙකු ගේ පක්ෂ සාමාජිකත්වය ජාතික කාරක සභාවක දී නිසිපරිදි සම්මත වී නොමැත. මෙය පක්ෂ ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි.


 මේ අනුව පක්ෂයේ නව මහලේකම් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන අමල් රන්දෙණිය පත්කොට ඇති අතර පක්ෂයේ නව සභාපතිවරයා ලෙස කේ.එස්.ටී පෙරේරා ගේ මස්සිනා පත්කොට තිබේ. කේ.එස්.ටී පෙරේරා යනු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මිල දී ගත් බැසිල් රාජපක්ෂට හිතවත් ව්‍යාපාරිකයා බව පැවසේ. මුතුරාජවෙල රක්ෂිතයේ ඉඩම් ගොඩකිරීම ඇතුළු චෝදනා ගණනාවක් මේවනවිට ඔහුට එල්ල වී තිබේ.

"පක්ෂ ව්‍යවස්ථාවේ 39 වන වගන්තියට අනුව පක්ෂයේ තනතුරු ලබාගැනීමට නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන් ලැ‍යිස්තුවේ පිටපතක් නියෝජ්‍ය මහලේකම් විසින් සම්මෙලනයට දින 7කට පෙර සාමාජිකයන්ට ලැබීමට සැලැස්විය යුතුය. ව්‍යවස්ථාවේ එසේ සඳහන් වුවත් මහලේකම්වරයා හෝ නියෝජ්‍ය මහලේකම්වරයා තනතුරු ලබාගැනීමට නාමයෝජනා ඉදිරිපත් කළ ලැයිස්තුවේ පිටපත් සාමාජිකයන්ට ලබා දීමට කටයුතු නොකර වාර්ෂික මහ සම්මේලනය කැඳවන ලදී. එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි." යනුවෙන් ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම මෙම නව සාමාජිකයන්ගේ සාමාජික මුදල් පක්ෂයේ ගිණුමට බැරකොට ඇත්තේ ද නිසි ක්‍රමවේදයෙන් බැහැරව අයථා අයුරින් බව මැතිවරණ කොමිසමට පැමිණිලි කොට තිබේ.

"පක්ෂ ලේකම්වරු සහ ඇතැම් නිලධාරීන් පටු අරමුණු තකා පක්ෂ ව්‍යවස්ථාවන් අත්තනෝමතික ලෙස උල්ලංණය කර මෙලෙස කටයුතු කිරීමට ඉඩ හැරියහොත් මැතිවරණ කොමිසම සහ අප බලාපොරොත්තු වන දේශපාලනය කිසි දිනෙක මෙරට ඇති කළ නොහැක. එබැවින් පක්ෂ ව්‍යවස්ථාවේ 42 වගන්තිය යටතේ අප විසින් කරන ලද ඉල්ලීමට අනුව විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා මෙම ගැටලුව නිරාකරණය කරගන්නා ලෙස මහලේකම්ට හෝ නියෝජ්‍ය මහලේකම්ට දැනුම් දෙන ලෙස මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමි," යනුවෙන් මහාචාර්‍ය උතුමන්ගේ සහ ලැසිල් ද සිල්වා ඇතුළු පිරිස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත.

සබැඳි පුවත් :
'බැසිල්ගේ ලිබරල් පක්ෂය' පොදු එකමුතුවෙන් පන්නයි!

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්