ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අති බහුතරයක් පළාත් පාලන ආයතනවලට ‘පොහොට්ටුව’ ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

කෙසේවුවද, ඇතැම් පළාත් පාලන ආයතනවලට තම පක්‍ෂයේ අපේක්‍ෂකයන් වෙනත් පක්‍ෂවල ලකුණින් තරග කරන අවස්ථා ද ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

ඡන්ද විමසීමකදී වැඳගත් වන්නේ ජයග්‍රහණය කිරීමට අපහසු කියන දේ නොව වඩා පහසුවෙන් ජයග්‍රහණය කිරීම යන කරුණ බවත් ඒ හේතුවෙන් පහසුවෙන් ජයග්‍රහණය කරන මාවතට අවතීරණ වන බවත් ලේකම්වරයා කීය.

 

මෙවරත් පක්‍ෂ රැසක් සමඟ ඉතාම සාර්ථක සන්ධානයකින් තරග කර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අති බහුතරයක් කොට්ඨාස ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව කී නීතිඥ සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධානගත වීමට මේ දක්වා සෘජු තීරණයක් නොමැති වුවත් එක්සත් ජාතික පක්‍ෂය සහ පොදුජන පෙරමුණ අතර අදහස් පමණක් හුවමාරු කරගෙන ඇති බව ද සඳහන් කළේය.

 

ගාස්තු වැඩි කර ජනතාව මත බර පැටවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය නොවූ ද එම ප්‍රතිපත්තිය විරුද්ධ තරුණ පරපුර කැරළි ගසා ජනාධිපතිවරයා ද පන්නා දැමූ බව කී කාරියවසම් තවදුරටත් පැවසුවේ, විදුලි බිල වැඩි කරන්නේ නැති වුණාම ඒක වැරදි යැයි පවසා ජනතාව ඉල්ලූ ආර්ථික ප්‍රතිපත්තිය මෙය බවත්ය.


එජාපයත් සම්මුඛ පරීක්ෂණ අරඹයි


ඉදිරි  පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳහා අයදුම්පත්‍ර බාර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී හෙට (4) සිදු කෙරෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හයක් ඉදිරියේ මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද එජාප මහලේකම්වරයා පැවසීය.

 

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීමක් සිදු වෙනවා දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රංගේ බණ්ඩාර කීවේ දැනට එවැනි කිසිදු තීන්දුවක් ගෙන නැති නමුත් පොහොට්ටුවේ උදවියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවියත් වෙනත් දේශපාලන පක්ෂ වල උදවියත් එජාපය සමග කතා කොට  නාමයෝජනා ලබා ගන්න පුළුවන්දැයි කියා විමසා තිබෙන බවයි.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්