හිටපු අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින්ට කඩු ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු ආරක්ෂක අංශ විසින් වලක්වා ගෙන ඇති අතර අනතුරුව එසේ කඩු රැගෙන පැමිණි දෙදෙනා හිටපු ඇමතිවරයා සමග පැමිණි පිරිසක් තමන්ට පහරදුන්නේ යයි කියමින් රෝහල් ගතව ඇත.

වාර්තාවන අන්දමට රිෂාඩ් බද්දුර්දින් මන්ත්‍රීවරයා පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙත සහය දැක්වූ ගම්වාසින් පිරිසක් වෙත ස්තුතිය පලකිරීමට ගොස් එන අවස්ථාවේදී කිසියම් පිරිසක් ටයර් පුළුස්සා මාර්ගය හරස්කර තිබී ඇත. 

අප කළ විමසීමකදී රිෂාඩ් මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරියකු පැවසුයේ,රිෂාඩ් මන්ත්‍රීවරයා සහ ඔහු සමග ගිය පිරිස ගමන්ගත් වාහන එම ස්ථානය අසලින් සෙමින් ගමන් කරමින් තිබියදී පුද්ගලයින් දෙදෙනෙකු කඩු රැගෙන විත් රිෂාඩ් බද්දුර්දින් මන්ත්‍රීවරයටත් ඔහු සමග සිටි නවාවී මන්ත්‍රීවරයටත් පහරදීමට සැරසුන අවස්ථාවේදී ආරක්ෂාවට සිටි පොලිස් සාජන්වරයා ඔවුන්ට පහරදී මන්ත්‍රීවරුන් දෙදෙනා බේරා ගෙන වහාම එම ස්ථානයෙන් පිටත්ව ආ බවයි.

 එසේ පහරදීමට පැමිණියේ එම ප්‍රදේශයේ 'පොහොට්ටු' පක්ෂයේ හිටපු සභාපති අන්වර් නමැති අයගේ සමීප ආධාරකරුවන් දෙදෙනෙකු බවද එම ප්‍රකාශකයා පැවසිය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි, මෙදා පාර අම්බානකට කන්නවෙයි ..'' යන අන්දොලනතමක ප්‍රකාශය සිදුකර ඇත්තේ එම අන්වර් නමැති පුද්ගලයාගේ නිවසේදී බව ද පැවසේ.

පොලිසිය කියන කතාව !

මේ අතර මුන්දලම පොලිසිය පවසන්නේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ රථ පෙළකට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි. ඊයේ  (24) සවස 5.45ට පමණ මෙම මදුරන්කුලිය, කදයාමට්ටේ ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය එල්ලවී ඇතැයි පොලිසිය පවසයි.

ගල් ප්‍රහාරයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ කාර් රථයට සුළු හානි සිදුව ඇති බවත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම ගල් ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කලාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්