leader s

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේදී නිසි නීතිමය ක්‍රමවේද මැතිවරණ කොමිසම අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන
ලද ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයින් පිරිසක් ආණ්ඩුව දැනුම්වත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (05) සවස මුණ ගැසුණු අවස්ථාවේදී ද ජනාධිපතිවරයා මේ ගැන ඔවුන්ගෙන් විමසා ඇත.

මැතිවරණයට අදාලව නාම යෝජනා කැඳවීමට ප්‍රථම මැතිවරණ කොමිසම මගින් අදාළ සියලු පාර්ශව කැදවා සාකච්ඡා කළ යුතුව ඇත.
 
තේරිම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයන් පවසා ඇත.


( lankadeepa.lk)
 
JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්