ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාග සහ වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සන්ධානගතව  'හෙලිකොප්ටරය' ලකුණින් යෝජිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට

එකඟත්වයට පැමිණ ඇතැයි වාර්තාවේ.

උත්තරලංකා සභාගය, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පෙරමුණ ඇතුළු පක්ෂ කීපයක් අතර විශේෂ හමුවක් ඊයේ (09) රාත්‍රියේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

ඉදිරි පැය 48 තුළ නව සන්ධානයක් බිහි කරන බව නිදහස ජනතා සභාව පවසයි.

අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරඟ කිරීමට නිදහස ජනතා සභාව සූදානම් බවත් ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බවත් නිදහස ජනතා සභාව පක්ෂයේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවැසීය.

ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

'' පළාත් පාලන මැතිවරණය විපක්ෂය අරගල කර ලබා ගත් එකක්. මැතිවරණය තියන්න අවශ්‍ය බවට බල කළේ විපක්ෂයයි. ඒ සදහා විපක්ෂයේ පක්ෂ 23 ක් ඒකරාශී කරගෙන එකමුතුව හැදුවේ නිදහස ජනතා සභාවයි.''

''නාමයෝජනා භාරදීමෙන් පසුවත් මේ මැතිවරණය කල්දැමීමට උත්සාහ කරාවිදැයි අපි සිතනවා. නාමයෝජනා බාරදීමට දින කැදවා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමාටවත් කොමිසමටවත් පළාත් පාලන මැතිවරණය නොතබා යලි හැරෙන්න බැරි වේවි යැයි අපි සිතනවා.''

''නිදහස ජනතා සභාව ලෙස අපි සියලු ප්‍රගතිශීලී බලවේග හා පක්ෂ සමග සාකච්චා කළා. ඒ අනුව අලුත් ලකුණක් අලුත් සන්ධානයක් අලුත් පක්ෂයක් ලෙස එකතුවීමට අවශ්‍ය යැයි අපි සිතනවා.''

''ඊලග පැය 48 තුළදී ස්ථිර වශයෙන්ම අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරග කිරීමට ප්‍රතිපත්ති මාලාවක් වටා ගමේ පුංචි ආණ්ඩුව ප්‍රාදේශීය සභාව, නගර සභාව, ගමේ මහ නගර සභාව ජනතාවට වඩාම කිට්ටුව ආයතන තමයි එම ආයතන.''

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්