ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති දෙපලක් වන මහින්ද හා ගෝඨාභය සහෝදරවරුන්ට බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් කැනඩා රජය තහංචි පනවා ඇත.


ඒ අනුව ඔවුන්ට කැනඩාවට ඇතුළු වීමට අවසර නොලැබෙන අතර ඒ රටේ යම් දේපලක් වේනම් රාජසන්තක කෙරෙනු ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ සමගම 2000 වසරේ බාල දරුවන් ඇතුළු දෙමළ අටදෙනකුගේ සමූහ ඝාතනයට මරණීය දණ්ඩනය නියමවී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ සමාවෙන් නිදහස ලැබූ යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට සහ 2008-2009 කාල වකවානුවේ 11 දෙනකු පැහැරගෙන, වද දී අතුරුදහන් කිරීම සම්බන්ධ ප්‍රධාන චුදිතයකු වන නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිටද තහංචි පනවා ඇත.

මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගඋත්තර දායකත්වය දරන මෙන් කැනඩාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දිගින් දිගටම කළ ඉල්ලීම් ගැන ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙස පලදායී සහ නිශ්චිත පියවර ගෙන නැති බව කැනඩා විදේශ අමාත්‍යාංශය චෝදනා කරයි.

ඒ සමගම ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ආධාර කරන ලෙස ජාත්‍යන්තර රතු කුරුසය සහ රතු අඩසඳ කළ ආයාචනයට ප්‍රතිචාර වශයෙන් ඩොලර් මිලියන තුනක් ප්‍රදානය කළ බවද කැනඩාව පවසයි.


CAN

මෙම සම්බාධක මොනවද?


කැනඩාවේ විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි මගින් ලැයිස්තුගත පුද්ගලයන්ට ගනුදෙනු තහනම් සහ වත්කම් තහනම් පැනවීමට ක්‍රියා කෙරෙනු ඇත.

මේ යටතේ කැනඩාවේ සිටින ඕනෑම පුද්ගලයෙකුට සහ කැනඩාවෙන් පිටත ඕනෑම කැනේඩියානුවෙකුට ලැයිස්තුගත පුද්ගලයෙකු විසින් සෘජුව හෝ වක්‍රව - අයිති - හෝ රඳවාගෙන සිටින හෝ පාලනය කරනු ලබන ඕනෑම දේපලක ගනුදෙනු කිරීම තහනම් කර ඇත.

අදාළ ඕනෑම ගනුදෙනුවකට සම්බන්ධ වීම හෝ පහසුකම් සැලසීම, කිසියම් මූල්‍ය හෝ අදාළ සේවාවන් සැපයීම ද තහනම් කර තිබේ.

ලැයිස්තුගත පුද්ගලයකුට හෝ ලැයිස්තුගත පුද්ගලයකු වෙනුවෙන් ක්‍රියා කරන තැනැත්තකුට ඕනෑම තැනක පිහිටි ඕනෑම භාණ්ඩයක් ලබා දීමට සැලැස්වීම; හෝ ලැයිස්තුගත පුද්ගලයකුට හෝ ප්‍රයෝජනය සඳහා කිසියම් මූල්‍ය හෝ අදාළ සේවාවන් සැපයීමද තහනම් වෙයි.

රෙගුලාසිවල ලේඛනයේ ලැයිස්තුගත කර ඇති පුද්ගලයින් කැනඩා ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ කැනඩාවට පිළිනොගන්නා පුද්ගලයින් බවට පත්වනු ඇත.



මුලාශ්‍රය  :
Canada imposes sanctions on Sri Lankan state officials for human rights violations

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්