සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුවද

නොදැවී ලකුණු 108ක් රැස්කරමින් දසුන් ශානක ක්‍රිඩාකළ නායක්වයේ ඉනිම කැපීපෙනෙයි.

ඔහුගේ ඉනිම ඉන්දීය නායක රෝහිත් ෂර්මා ද ප්‍රසංශාවට ලක්කළේය.

ලකුණු 374 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගය පරාජය වුයේ ලකුණු 67 කිනි.

ඒ අනුව තරග 1-0 ක් ලෙස ඉන්දියාව තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.

zvsdfe

මෙම තරගයේදී විරාත්කෝලි විසින් සිය එක්දින තරග දිවියේ 45 වැනි ශතකය වාර්තා කළේය.

පන්දු 80 කදී ශතකය සපුරා ගත් කෝලි දැවී යන විට පන්දු 87 කදී ලකුණු 113 ක් රැස් කරකගෙන සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

ශ්‍රී ලංකාවට එරෙහිව කෝලි රැස්කරන ලද 9 වැනි ශතකය මෙයයි.

ලකුණු 52 දී සහ 81 ක් ලබා සිටියදී කෝලි උඩ පන්දු 2 ක් ලබා දුන්නද ඒ අවස්ථා දෙකම කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් අතින් ගිලිහී ගියහ.


දසුන්ගේ නායකත්ව ඉනිම

dasunS

ඒ වන විට සිය එක්දින තරග දිවියේ දෙවැනි ශතකය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්වුයේ පන්දු 88 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමඟින් නොදැවී ලකුණු 108 ක් රැස් කරමින්ය.

ඉන්දියාවට එරෙහි 20/20 තරගාවලියේදී ද විශිෂ්ට දස්කම් දැක්වු දසුන්ගේ ඉනිම හේතුවෙන් ගුවාටිහි පැවති පළමු එක්දින තරගය ගෞරවනීය ලෙස නිමා කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ඉන්දීය පිතිකරුවෝ ලබා දුන් ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2 ම ලකුණු 23 කදී දවා ගැනීමට වේග පන්දු යවන මොහොමඩ් ශිරාජ් සමත්වුණි.

උම්රන් මලික් විසින් චරිත් අසලංක දවා ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 64 ක් ලෙස සටහන් විය.

ධනංජය ද සිල්වා ලකුණු (47) ක් සහ පැතුම් නිස්සංක ලකුණු (72)ක් රැස් කළේය.

8 වැනි පිතිකරුවා ලෙස චාමික කරුණාරත්න දැවී යනවිට ලකුණු පුවරුව 206 ක් ලෙසින් සටහන් විය.

අනතුරුව නායක දසුන් ශානක සමග එක් වුණු කසුන් රාජිත ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 50 අවසන් වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ක්‍රීඩා කළේ, දසුන්ට ශතකයක් රැස් කිරීමට අවස්ථාව ලබා දෙමිනි.

9 වැනි කඩුල්ලට එක් වුණු දසුන් සහ කසුන්ගේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 100 කි.

එය එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු විසින් ගොඩනංවන ලද හොඳම සම්බන්ධතාව ලෙසින් සටහන් විය.

පන්දු 73 කදී ගොඩ නැංවුණු මෙම සම්බන්ධතාවයේදී දසුන් පන්දු 54 කදී ලකුණු 88 ක් සහ කසුන් පන්දු 19 කදී ලකුණු 9 ක් රැස් කළේය.

තරගයේ පරාජය වළකාලීමට තරම් එම සම්බන්ධතාවය ප්‍රමාණවත් නොවුණද පරාජයේ පරතරය අවම කර ගැනීමට එම සබඳතාව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් විය.

නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9කට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 306 කට සීමා විය.



මතභේදාත්මක දැවීයාමේ ඉල්ලීම එපා කියයි...!

rs

ශතකය ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකා නායකයා දසුන් ශානක මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට මොහොමඩ් ෂාමි උත්සාහ කළත්, ඉන්දීය නායක රෝහිත් ෂර්මා ඊට ඉඩලබා දුන්නේ නැත. මේ නිසා දසුන්ට ශතකය කරා යෑමට අවස්ථාව ලැබුණු අතර නැතිනම් ඔහුගේ ඉනිම ලකුණු 98 දී නිමාවීමට ඉඩ තිබිණ.

තරගයේ අවසන් ඕවරයේදී මොහොමඩ් ෂාමි පන්දු යැවීමට දිව ගිය නමුත් පන්දුව යැවීමට පෙර පන්දු යවන ක්‍රීඩකයාගේ අන්තයේ කඩුල්ල බිඳ දමමින් එම අන්තයේ සිටි දසුන් ශානක දවා ගැනීමට ඔහු තැත් කළේය.

ඒ වන විට ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය සඳහා පන්දු තුනකින් ලකුණු 83ක් අවශ්‍ය වූ අතර දසුන් ශානක ලකුණු 98ක් ලබාගෙන පන්දුවට පහර දෙමින් සිටියේය.

තරගයෙන් අනතුරුව සිද්ධිය පිළිබඳ අදහස් දැක්වු රෝහිත් ශර්මා කියා සිටියේ,

"ෂාමි එහෙම කළා කියලා මම දැනගෙන හිටියේ නැහැ,". "ඔහු දැවීයාම ඉල්ලා සිටිද්දි ... ඔහු [ශානක] ලකුණු 98ක් රැස් කරමින් පන්දුවට පහර දෙනවා. ඔහු පන්දුවට පහර දුන් ආකාරය විශිෂ්ටයි. අපි ඔහුට එය ලබා දිය යුතුයි. අපිට ඔහුව එහෙම එළියට යවන්න බැහැ. අපට අවශ්‍ය වුණා ඔහුව දවා ගන්න. අපි හිතුව විදිහට. නැවතත් දසුන්ට සුභ පතනවා, එයා ඇත්තටම හොඳට ක්‍රීඩා කළා." ශර්මා පැවසීය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර 02 වැනි එක්දින ක්‍රිකට් තරගය හෙට (12 වැනිදා) කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එය ඉන්දියාවේ පැරණිතම සහ දෙවන විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වේ.

(BBC සිංහල සේවය )


 

 සබැඳි පුවත් :
ශානකගේ දුවද්දී දැවී යෑම ඉල්ලා අස්කර ගත් ඉන්දීය නායකයාට දසතින් හරසර

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්