1200 x 80 DMirror

අද (14) දිනයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශකිරීමට කොළඹ පුරපතිනිය සහභාගිවීම මුළුමනින්ම අනීතික ක්‍රියාවක් බවට චෝදනාවක් එළවී ඇත.


කොළඹ මහ නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්කර ඇතැයි ද පැවසේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙ දී කොළඹ මහ නගර සභාවේ නාගරික ක්‍රීඩා සමාජයට ඡන්ද ප්‍රකාශ කිරීමේ බලය හිමිවේ. ඒ අනුව මෙතෙක් පැවති
නිලවරණවලදී නාගරික ක්‍රීඩා සංගමය වෙනුවෙන් එහි සභාපති, ලේකම්, භාණ්ඩාගාරික හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ යන තනතුරු දරන පුද්ගලයින් ඡන්ද ප්‍රකාශකර ඇත.

එහෙත් අභියාචනාධිකරණයෙන් මෙවර ලබාදී ඇති උපදෙස්වලට අනුව ඕනෑම ක්‍රීඩා සමාජයකට හිමිව ඇත්තේ එක් ඡන්දයක් පමණි. එම තත්වය යටතේ මෙවර පාපන්දු නිලවරණයට ඡන්දය ප්‍රකාශකිරීමට පුරපතිනිය තමන්ට බලය පවරාගෙන ඇත.

පුරපතිවරයා හෝ පුරපතිවරිය නාගරික ක්‍රීඩා සංගමයේ අනුශාසක පමණක් බවත්, ඇය මෙම නිලවරනයෙදී කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත්වීම මුළුමනින්ම අනීතික ක්‍රියාවක් බවත් ඊට එරෙහිව අධිකරණය යන බවත් එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙන ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

පුරපතිනිය මෙසේ සිය බලය අනිසිලෙස යොදාගෙන ඇත්තේ මෙවර නිලවරණයට ඉදිරිපත්ව සිටින ඇයගේ හිතවතකුට සහය පළකිරීම සඳහා බව ද එම මන්ත්‍රීවරුන් චෝදනා කරති.


සබැඳි පුවත් :
පාපන්දු නිලවරණයට පැය කිහිපයක් තිබියදී ඇමති රොෂාන් ෆවුල් පිට ෆවුල් ගසයි !

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය