theleaderlk 01

මත්පැන් බෝතල්වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව

තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංංජිත් සියඹලිපිටිය පැවසිය.

අමාත්‍යවාරයා මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යංශයේ දී අද (19) මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

මෙහිදී ඔහු තවදුරටත් මෙසේ පැවසිය.

''මත්පැන් බෝතල් වල අලවන ස්ටිකර් පිළිබඳ පසුගිය සතියේ කතා බහට ලක් වුණ සිද්ධියක්. ඒ සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව මට ලැබුණා. ඒ අනුව අපි තීරණය කරා විශේෂයෙන්ම පිටත තිබී අසුවුණ ස්ටිකර් සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරලා මේ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටීමට.''

''දෙවැනි කරුණ බෝතල් වල අලවා තිබුණු සමහර ස්ටිකර්ස් පිළිබඳ ඇතිවුණු අපහැදිළිතාවය පැහැදිළි කර ගැනීමට විශේෂයෙන්ම එම ස්ටිකර් වල විද්‍යයුත් ඇගයීම නැත්නම් (Digital Indication) ඩිජිටල් ඉන්ඩිකේෂන් එක හරියාකාරව සිදු වෙනවා ද කියන කරුණ බැලීම සදහා වෝහාරික පරීක්ෂණයක් අදාළ විදේශීය ආයතනයකින් සතියක් තුළ කරවාගෙන පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට.''

''මීටත් අමතරව මේ ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක වීම, මේ තුළින් නිසියාකාර ආදායම් ලැබීම පිළිබඳ නිතිපතා සොයා බැලීමට නිශ්චිත පරීක්ෂණ කණ්ඩායමක් සුරාබදු දෙපාර්තමේන්තුව තුළින් යෙදවීමට සහ ඔවුන්ගෙන් වාර්තා ලබා ගැනීමට කටයුතු කරනවා.''

ඉතාම ඉක්මණින් රාජ්‍ය ආදායම නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගැනීමටත් අනික් පැත්තෙන් පාරිභෝගිකයාගේ පැත්ත ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන  බව අපි විශ්වාස කරනවා. ''

(nethnews.lk)


සබැඳි පුවත:

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් රට පුරාම ! - රාජ්‍ය ඇමති වාර්තාවක් කැඳවයි

 

 

JW

නවතම පුවත්