මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදුනහොත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය

නන්දලාල් වීරසිංහ ට දැනුම්දී ඇත.

මැතිවරණ කටයුතු සඳහා ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා දෙන්නැයි ඉල්ලා සිටිමින් ඔහු විසින් පෙරේදා (23) දිනයේ මහ බැංකුවේ අධිපතිවරයට යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවල ප්‍රධානීන් සමග මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ විදුලිය ලබාදීම සඳහා ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කළ හෙයින් එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙම ඉල්ලීම කළ බවද පුංචිහේවා කීවේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය බලාගෙන සිටින බව නීතිඥ නිමල් පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.

ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා අඛණ්ඩව විදුලිය සැපයුමක් අවශ්‍ය වන අතර මැතිවරණ නිලධාරීන්ගේ සහ ඡන්ද අපේක්ෂකයන්ගේ ගමනාගමන කටයුතු සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක්ද එම කාලසීමාවේදී අවශ්‍ය වන්නේය.

මේ අනුව මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් සහ අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබාදීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන ප්‍රධානීන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.


''මැතිවරණ කල් දාන පාලකයන්ට ඉතිහාසයේ කුණු කූඩය උරුමයි''


''සාධාරණ ප්‍රශ්න පත්‍රයක් පෙන්නුවොත් ඡන්දය කල් දාන්න පුළුවන්. නමුත් තවත් අයට එහෙම තත්වයක් නැහැ කියලා අධිකරණයට යන්නත් පුළුවන්. කොහොම නමුත් අධිකරණයේ තීරණය මත තමයි සියල්ල තීරණය වෙන්නෙ.'' - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

මැතිවරණ කල් දමන සෑම පාලකයකුටම උරුම වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය බව තමාගේ පෞද්ගලික අදහස යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසීය.

සාධාරණ ප්‍රශ්න පත්‍රයක් පෙන්නුවොත් ඡන්දය කල් දැමිය හැකි බව පැවසූ සභාපතිවරයා සියල්ල තීරණය කෙරෙන්නේ අධිකරණයේ මතය අනුව බවද ප්‍රකාශ කළේය.

නීතීඥ නිමල් පුංචිහේවා මෙසේද සඳහන් කළේය.

''සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැත්තෑ පහේදී ඡන්ද නොතියා ආණ්ඩුවේ කාලය පනතක් මගින් අවුරුදු දෙකක් දික් කරගත්තා. ජේ ආර් ජයවර්ධන මහත්තයා අතුරු මැතිවරණයෙන් ඉහළින්ම දිනූවා. පස්සේ හැත්තෑ හතේදි අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ අසූ දෙකේදී ජනමත විචාරණයක් ගෙනැල්ල ඡන්දය කල් දැම්මා. ඔහු ඊට පස්සේ මැතිවරණයේදී පරාද වුණා. ඡන්දයට බය අයට ඉතිහාසයේ කුණුබක්කියට වැටෙනවා. ඉතිහාස සාධක එය ඔප්පු කර තිබෙනවා. මේ පාරත් එවන්නක් සිද්ධ වෙන්න පුළුවන්. මගේ අදහස ඒකයි.

(lankadeepa.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්