රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි

සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කොට තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එම පත්වීම සිදු කරනු ලැබීය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සභාපති ධූරයට පත්වූ එච්.එම්.එම් රූමි එහි වෙනස්කම් රැසක් සිදු කරමින් රාජ්‍ය ඖෂධ නීතිගතසංස්ථාව ලාභ ලබන මට්ටමට පත් කිරීමට ප්‍රමුඛ දායකත්වයක් දැක්විය.

ඔහු යුක්රේනයේ ජාතික තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබද ආචාර්ය උපාධියක් ලැබූවෙකු වන අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය රාජිත සේනාරත්නගේ සමීපත ම හිතවතකු ලෙස සැලකේ.

රාජිත සේනාරත්න නුදුරු දිනකදී කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගනිමින් ආණ්ඩුවට එක්වීමට යන බවට වාර්තා පළවෙද්දී ඔහුගේ සමීපතම හිතවතකු මෙලෙස සජබට එක්වීම සුවිශේෂී කාරණයකි. 

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්