නිදහස සැමරීමේ අවස්ථාව දේශපාලන බලය ගොඩ නැගීමේ තරගයක් බවට පත්කර නොගෙන සැබෑ නිදහස දිනාගැනීමට අත්වැල් බැදගන්නා ලෙස  43 සේනාංකය සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



43 සේනාංකය එම ඉල්ලීම සිදුකර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

එළඹෙන පෙබරවාරි 4 වෙනි දිනට අප මාතෘ භූමියේ නිදහසට හැත්තෑ පස් වසරක් සපිරෙයි. එහෙත් අප රටක් වශයෙන් මුහුණ දී සිටින්නේ ඉතාමත් ඛේදජනක තත්ත්වයකටය.

රජය විසින් පවත්වන නිදහස් උලෙළ වර්ජනය කළ යුතු යැයිද එයට එරෙහිව විරෝධතාවල යෙදිය යුතු යැයිද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ද හඬ නගමින් සිටින බව පෙනෙන්නට තිබේ.

 

ජන සමාජය මුහුණ දී සිටින ඛේදජනක තත්ත්වය හමුවේ මෙවැනි විරෝධතා මතුවීම ස්වාභාවික ය. එවැනි විරෝධතා දැක්වීමේ අයිතිය 43 සේනාංකය පිළිගනී. ජනතාව ජීවන බරින් මිරිකී සිටියදී නිදහස සැමරීම සඳහා යැයි කියමින් රජයේ හා එම දේශපාලන නායකයින්ගේ ප්‍රතිරූප නංවා ගැනීම සඳහා ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් වැය කිරීමට එරෙහි ජනතා හඬට 43 සේනාංකයේ සහය ද පල කර සිටින්නෙමු.

 

මෙවැනි විරෝධතා ව්‍යාපාර වලදී ඇතැම් කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය ඉස්මතු කිරීම හා කළු කොඩි එසවීමට උත්සාහ කරනු ඇත. එය නිදහසේ අභිමානයට කැළලක් වන හෙයින් එවැනි ක්‍රියාවන්ට අනුබල නොදෙන ලෙසත් එවැනි ස්ථාන වලින් ඉවත්ව සිටින ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ''


උතුරු - නැගෙනහිර 'කළු කොඩි දිනයක්' !


මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පැවසිය.

පෙබරවාරි 04 නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනය ඇතුළු උතුරු නැගෙනහිර නගරය වල පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තාවේ. නිදහස් දිනය වර්ජනය කොට එදින කළු කොඩි ඔසවා තබන ලෙස එම පෝස්ටර්වල සඳහන් වේ.

328346041 6646251425390567 4994262529163701700 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්