එල්ලෙන්නට වැලක් නොමැතිව දේශපාලනික වශයෙන් අසරණ ව සිටි විමල් වීරවංශට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එල්ලෙන්නට වැලක් ලබා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.



කිසිදා ඉටු නොකරන පළාත්සභා බලතල බෙදීම පිළිබඳ මාතෘකාවක් කරළියට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කිරීම හරහා මෙම අවස්ථාව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ලැබී ඇති බව ඔහු කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසි දිනක පළාත්සභා ක්‍රමය සම්පුර්ණයෙන්ම බලාත්මක කිරීමට කටයුතු නොකරන බවත් ඒ වෙනුවට ඒ පිළිබඳ සමාජය තුළ කතා බහක් ඇති කරමින් දේශපාලනික වශයෙන් සිය බලය තහවුරු කරගැනීම සඳහා වන උපක්‍රමික දේශපාලන භාවිතාවකට ප්‍රවේශ වී ඇති බවත් ජවිපෙ ලේකම්වරයා සඳහන් කරයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ටිල්වින් සිල්වා අවධාරණය කර තිබෙන්නේ පවතින පළාත්සභා ක්‍රමය වෙනුවට නව බලය බෙදීමේ වැඩපිළිවෙලක් පිළිබඳ සිය පක්ෂයේ අවධානය යොමුව ඇති බවයි.


පහන් අසුහාරදාහක පිංකමක් සමඟින් ඉරාජ් මාලිමාවෙන් මැතිවරණයට !


ජාතික ජනබලවේගය පක්ෂයේ අපේක්ෂකයින්ට සෙත්පතා ශ්‍රී මහා බෝධිය අභියස පැවැත්වෙන පහන් අසූහාරදහසක පින්කමක් සහ රාජපක්ෂ කඳවුරේ දේශපාලන හිතවාදියෙකු ඉරාජ් වීරරත්න මහමැතිවරණය සඳහා මාලිමාව නියෝජනය කරමින් එක්වන බවට වූ සිදු වීමක් පිළිබඳ ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම සාකච්ඡාවේ දී විශේෂ හෙළිදරව්වක් කළේය.

ජාතික ජන බලවේගය මතුව එන ජනතා ආකර්ෂණය දිය කර දැමීම සඳහා ආණ්ඩුව ඇතුළු පාර්ශව ගණනාවක් කුඨ සැලසුම් රැසක් දියත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

මැතිවරණය කල්දමා ගැනීමට නොහැකි වූ තැන විවිධ උපක්‍රම යොදමින් ආණ්ඩුවට එරෙහි බලවේග පරාජයට පත් කිරීමටද සැලසුමක් දියත් කර ඇති බවත් ඉදිරියේ දී තවත් බොහෝ දේ දැක ගත හැකි වනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කරයි.





JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්