පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් ලබා දෙන්නැයි කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.


පෙබරවාරි මාසයේ මැතිවරණ වියදම් සඳහා රුපියල් මිලියන 770ක් ලබා දෙන්නැයි පසුගියදා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබිණ.

පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මැතිවරණයට අවශ්‍ය මූල්‍යමය පහසුකම් හා අනෙකුත් පහසුකම් සපයාදීමට අදාළ පාර්ශ්වයන්ට නියෝග කරන්නැයි දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.


මේ මාසයේ ඡන්ද වියදම් මිලියන 770ක් !


පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබීමේ ප්‍රමාදයක් ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.

නෙත් නිවුස් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින් සභාපතිවරයා සඳහන් කළේ පෙබරවාරි මාසයට රුපියල් මිලියන 770කට අධික මුදලක් අවශ්‍ය බවයි. එහෙත් මේ දක්වා ආණ්ඩුව විසින් ලබා දී ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණක් බවද මැතිවණ කොමිසමේ සභාපතිවරයා පැවසිය.  



අධිකරණ තීන්දුව ලැබෙන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා වැඩිදුරටත් පැවසිය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්