ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීමට සාක්‍ෂි නොමැති බවට නීතිපතිවරයා කළ දැනුම්දීම අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ සභාපති මුෂ්ටාෂ් හජීල් හක්බාර් එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.



පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන සිටි එම සැකකරු චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2019 සැප්තැම්බර් 19 වැනිදා නියෝග කොට තිබිණි. ඉන් මාස කිහිපයකට පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් නැවත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

අධිකරණය විසින් නිදහස් කර තිබියදීත් එලෙස එකම චෝදනාව යටතේ දෙවරක් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක්කරමින් එම සැකකරු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දී තිබුණි.

නීතිඥ එම්. ජේ. එස්. සුමාලියාගේ උපදෙස් පරිදි නීතිඥ එම්. සී. එම්. මුනීර්, පාරිස් සලේ, සල්වාන් රියාන්, රිස්වාන් උවයිස්, සෙනෝද් දිසානායක සහ මේදා දිසානායක ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ එම්. එම්. සුහහීර් පෙත්සම්කාර සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.

(divaina.lk)

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්