මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 30 ක මුදලක් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට පෙර රුපියල් කෝටි 77 ක මුදලක් ඉල්ලා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළේය.

ඒ අනුව මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ලැබුණු අතර එම මුදල් මැතිවරණයේ මූලික කටයුතු සඳහා වැය කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර පළාත් මැතිවරණ කටයුතු සඳහා පසුගිය මාසයේදී පමණක් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක පමණ මුදලක් වැය කළ බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.

මැතිවරණ වියදම් සඳහා තවත් මුදල් අවශ්‍ය වන අතර එම මුදල් ඉදිරියේදී ලබාගැනීමට බලාපොරොත්තු වන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතය.

මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව කොමිසමේ නිලධාරීහු පවසති.



‘‘මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය බෑ‘‘

 මේ අතර රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ, මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (13) පස්වරුවේ ලිඛිතව දැනුම්දී ඇත්තේ, නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනියගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මූලික මුද්‍රණ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් රජයේ මුද්‍රණාලයට රුපියල් කෝටි හතරක් දැනටමත් ලබා දී ඇති බවයි.

මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාව ද රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් රජයේ මුද්‍රණාලයට ලබා දී ඇතැයි ඔහු සඳහන් කළේය.

සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා දෙන්නේ මුදල් ප්‍රතිපාදනයක් බවත් එම ප්‍රතිපාදනය පසුව මුද්‍රණාල ප්‍රධානීන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් කරගන්නා බවත් එම නිලධාරියා පැවසුවේය.

සෑම මැතිවරණයකදීම සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මුදල් ලබා දුන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයෙන් පසුව බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ සේවක සංගම් අතරද කිසියම් කඹ ඇදීමක් පවතින බව වාර්තා වේ.

ඇතැම් සංගම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ යුතුයැයි පවසන අතර අනෙක් ඒවා පවසන්නේ මුදල් දෙන තුරු මුද්‍රණය නොකළ යුතු බවයි.


'' භාණ්ඩාගාරයේ සල්ලි නැහැ''


මාර්තු මස 09 වන දිනට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දින නියම කර තිබුන ද ආණ්ඩුවේ මැති ඇමතිවරු දිගින් දිගටම පවසන්නේ මැතිවරණයක් පැවැත්වීමට මේ අවස්ථාවේ දේ මුදල් නොමැති බවයි.

පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා වී තිබිණ.

''ජනාධිපතිතුමනි මැතිවරණය තියනවාද? නැද්ද? අපිට නම් ඡන්ද කරන්න සල්ලි නැහැ ‘‘ යයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක කියා සිටි අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර තිබිණ.

'' ඡන්දය ගැන මට තීරණයක් ගන්න බැහැ. ඒක තීරණය කරන්න ඕනි ශ්‍රේෂ්ඨාධිකරණය. හැබැයි ඡන්ද කරන්න නම් භාණ්ඩාගාරයේ සල්ලි නැ’’


(මුලාශ්‍රය -lankadeepa.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්