රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයාට තව මාස හයක්වත් දිය යුතුව ඇති බවත්

ඊට පසුව ඕනෑම මැතිවරණයකට යා හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

ඔහු එබව කියා සිටියේ, 'සිරිකොත' එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

ඡන්දය තියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක නොකියන බව පැවසු හිටපු අමාත්‍යවරයා, නමුත් ජනාධිපතිවරයා ගේ පළමු යුතුකම ජනතාවගේ බඩගින්න නිවීම බව අවධාරණය කර සිටියේය.

අද තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තම දේශපාලන පන්නරයෙන් තනියම ගහන ගේම් එකක් බවත්, ප්‍රශ්න රාශියක් තිබුන ද මාස 6කට පෙර තිබූ තත්ත්වයට වඩා රට හොඳ තැනකට පැමිණ තිබෙන බවත් නවීන් දිසානායක එහිදී පැවසීය.

මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2කට පැමිණ තිබෙන අතර රනිල් වික්‍රමසිංහ රට බාරගන්නා විට විදේශ සංචිත තිබුණේ ඍණ මට්ටමක බවද ඔහු කියා සිටියේය.



(lankadeepa.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්